❤️ හයවන හාදකම ❤️

2.1K 364 133
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ඒක හරි ඒත් මේ හිත ආදරේ හොයන් යන වයසනේ අයියේ.. නොගැලපෙන සම්බන්ධෙක පැටලෙන්න කලින් එයාලව මේ ගැන දැනුවත් කරලා තියන එක හොදයිනේ..."

                    නැන්දා කියද්දී සිරාවටම මට හීන් දාඩිය දාගෙන ආවා... හැමදාම බයෙන් උන්න දේද සිද්ධ වෙන්න යන්නේ.. 😟 අනේ මගෙ ලොකූව උදුරගන්නම් එපා අප්පච්චි ප්ලීස්..😢

"ඒක නම් ඇත්ත නංගී... මේ ලොකු"

අප්පච්චී කියනකොට මං ඇස් තද කරලා වහගෙන හයියෙන් ගැහෙන පපුවට අත තියාගත්තා...

"දුවේ..."

හම්මියෝ.. 😥 යන්තම් ඇති.. 🙂 අයියට නෙවෙයි අක්කට කතා කලේ අප්පච්චි.. ෆූහ්.. මං හුස්මකුත් එලියට දානගමන් මාමගෙ ඇගට හේත්තුවක් දැම්මා.. තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් එකක් ඇවිත් මම මෙතනම වලක්ජ්ජ ගහනවා.. යන්තම් හිත සනසගෙන කස්ටිය දිහා දත් විලිස්සලා බලද්දී මං දැක්කා නංගී මගේ දිහා හෙන අප්සෙට් බැල්මක් දාගෙන ඉන්නවා.. මේකිගේ බඩ බුරුල් වෙලාවත්ද මන්දා.. හුහ්...

"අපි ඔයාට පුංචි කාලෙම යෙවිෂ්ව ප්‍රපෝස් කරලා තිබුණේ...ඇවැස්ස මස්සිනානේ පුතේ.."

අප්පච්චි ගේ කතාවට යෙෂිකා අක්කා ගැස්සිලා ගියා.. මොකද මම,යොමේන් අයියා අපේ නංගී තුන් දෙනාම දන්නවා අක්කිට දැනටම කොල්ලෙක් ඉන්නවා කියලා..

"ඒ.. ඒ.. ඒත් මාමේ.. මම යෙවිෂ්ව අවුරුදු ගාණකින් දැකලවත් නෑ... "

අක්කා ගොත ගහ ගහ නිදහසට කරුණු කියන්න ගත්තේ මට අපේ අම්මලා ගැන පොඩී කළකිරීමක් හිතට දැනෙනකොට.. අපේ හිත්වල තියන දේවල් එයාලට අදාලම නැද්ද.. අනික නෑණා මස්සිනා උන පලියට බදින්නම ඕනෙද.. මල විකාර..

"ඒක හරි .. ඒත් යෙවිෂ් ලබන සතියේ මෙහේ එනවා..."

"මොක්ක්කාආආආආආක්..."

ඒ පාර කෑ ගැස්සුනේ මට..තව පොඩ්ඩෙන් මගේ හුස්මත් හිරවෙනවා.. යෙවිෂ් මෙහේ එනවලු.. මගේ ලොකු අයියා.. චූටි කාලෙදිම ආච්චිලා එක්ක ජීවත් වෙන්න ගියපු... ගියා ගියාමයි ආයේ නාපු.. ඉද හිට කෝල් එකක්වත් නොදෙන අයියණ්ඩි මෙහෙ එනවලු... හැයි ඒම.. මං අහන්නේ හැයි.. මට පේණ්ඩම බැරි ඒ ගෝත වහන්සේ මෙහේ එන්නෙ ඇයි...

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now