❤️ දහතුන්වෙනි හාදකම ❤️

2.3K 378 94
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුබේ උතුම් දෙව් ආත්මයට මං ,
පේවීලා හිදිමී...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"සුදු මේ පැට්ටව චුට්ටක් තියාගන්න.. ඇතුලේ විශබීජ.."

අක්කි ආයෙම දවස් පහේ දගබෝලෙව මගේ අතට දීලා ගියේ මං එතකොට තද නින්දේ හිටිය පැංචව මගේ පපුවට තුරුලු කරගනිද්දී.. මූව දකිද්දී මගේ තොල තාමත් පුපුරු ගහනවා වගේ..මං සෝස කැටේට චූටි චූටි හාදු තිය තියම ටීච දිහාට හැරුණේ ටීචත් එක්ක චුට්ටක් කතාකරන්න...

"ටීච මං දැන් මොඩ්..."

"අක්කේ මගේ දරුවා කෝ.. "

ටීචට හරියට දෙයක් කියාගන්න උනෙත් නෑ.. හරිම කළඹලේකින් වගේ මලගෙදර ආව මිනිස්සුත් පෙරලගෙන ගෙයින් එලියට ආවේ මගේ ජීවිතේ #එකම_ආදරය..  මේ පුංචි පැටියා මගේ ලොකූට මහමෙරක් තරම් වටිනවා ඇති.. ඒකයි මෙච්චර කළඹලයක්.. අප්පච්චිගේ දුක දැනිලද කොහේද මගේ අතේ හිටිය බබු පැට්ටත් ඔවෑ ඔවෑ කියලා අඩන්න ගත්තා.. පැටියගේ ඇඩුම් හඩ ඇහිලා හොදටම බය වෙලා උන්නු ලොකූ මගේ ලගට ආවේ සුළි සුලගක් වගේ.. අයියගේ ඇස් වල ලාවට කදුළුත් මතුවෙලා..

පැටියා ගාවට ඇවිත් අයියා දෝත පෑවේ අඩුම එයා වඩාගෙන ඉන්නේ කවුද කියලවත් නොබලා..  හරියට එයාගේ ජීවිතේ දැන් වටින කෙනෙකුට ඉන්නේ පුතු මැණික විතරයි වගේ.. මගේ පපුව ගැහෙන්න ගත්තේ අයියා මාව අමතක කරලද කියලා බයේ.. අප්පච්චි ඇවිත් දෝත පෑවත් බබාව එයාගෙ අතට නොදුන්න හින්දා අයියා ඔලුව උස්සලා බැලුවෙ මගේ දිහා.. මුලින්ම එයාගේ මූණේ තිබ්බේ '''මේ මොකාද බොල මේ''' කියලා අහන්න වගේ ලුක් එකක්.. ඒත් ඩිංග ඩිංග එයා, එයාව නපුරු විදියට මග දාලා ගිය අවුරුදු ගාණක ආදරේ අදුරගත්තා... මගෙයි අයියගෙයි දෙන්නගෙම ඇස් බොද වුනේ එක තත්පරේට.. අපි දෙන්නම කදුළු බේරෙන ඇස් වලින් අවුරුදු ගාණකට පස්සේ, අපේ දිහා බලන් හිටියා..

"ලොකූ..🥺"

හරියටම අවුරුදු පහකට පස්සේ මම මගේ පණට කතා කලේ.. ඒත් මගෙන් ඒ වචනේ පිටවෙනවා එක්කම ලොකූගේ මූණේ පිපෙන්න ඔන්න මෙන්න තිබුනු හිනාව මැලවුනා.. එයාට දැන් මතක් වෙන්න ඇත්තේ, මම එයාව දාලා ගිය නපුරු ප්‍රේමවන්තයා කියලා... මාව පිච්චෙන තරම් සැරට මට රවලා, ලොකූ ආයේ හැරිලා ගියේ පැටියවත් අමතක කරල.. ඒත් පැට්ටා තාම අඩනවා එයාගේ අප්පච්චිව ඕනෙ වෙලා.. පුංචි එකා ඔවෑ ඔවෑ ගාලා අඩද්දී, මං පැටියවත් අරන් ලොකූ පස්සෙන් ගියා.. ලොකූගේ මූණේ ලොකු කේන්තියක්.. තරහා යන එක සාධාරණයි.. මං කලෙත් හොද දෙයක් නෙවේනේ එයාට.. මොනදේ කියල බැන්නත් කමක් නෑ, මට උබ එපා සුදූ කියලා කියන්නෙ නැතුව..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now