හිතුවක්කාරකම 🐺

2.3K 348 94
                                    

වෙලාව පෙරවරු 1.30යි. තමන් සමඟ එකම ෆලයිට් එකෙ පැමිණ එයාපෝර්ට් එකෙ කලබලෙන් එහෙ මෙහෙ යන මිනිස්සු දිහා මදකට නැවති යුන්මි තම ඇස් යැව්වෙ තරමක හිතේ බයකුත් එක්ක.. හිත කොයිතරම් බය උනත් කෙල්ලගෙ හිතුවක්කාරකම් වලට නම් සීමාවක් නැති තරම්.. තමන් සමඟ පැමිණි සියල්ලක්ම ඔවුන්ගේ නෑදෑයින් හෝ දන්නා හදුනන පුද්ගලයින් සමඟ ගුවන් තොටුපොළින් නික්ම යද්දි යුන්මි ඒ දිහා බලන් හිටියෙ හිස් හැඟීමෙන්.. මෙතෙක් වෙලා තිබූ ඝෝශාකාරී බව අඩුවෙලා ගිහින් එයාපොට් එක තරමක නිස්කලංක වටපිටාවක් බවට පත් වෙනතුරුම පුටුවකට වෙලා බලා උන් යුන්මි පසෙකින් තිබූ ට්‍රැවලින් බෑග් එකේ තම අතඟිලි පටලවා ගත්තෙ තම තීරනේ වෙනස් නොකරමින්.. ඒ හිතුවක්කාර හිත තවමත් පාඩමක් ඉගෙන නොමැති ගානයි..

"wft.. two o' clock??"

තම අත බැඳි ඔරලෝසුවෙන් වෙලාව බැලූ යුන්මි ඔරලෝසු මුහුණත දිහා බැලුවෙ කේන්තියෙන්.. තමන්ගෙ හිතේ තියෙන මේ කේන්තිය තමන්ට හමු වෙන ඕනම කෙනෙක්ගෙන් ඕනම දෙයකින් හෝ පිට කරන්න යුන්මි ලෑස්ති වෙලා හිටියෙ.. කෙල්ලට කේන්තිය තිබ්බෙ කෙල්ලගෙම හල්මොනි එහෙමත් නැත්නම් කෙල්ලගෙ ග්‍රැනී එක්ක... ඒ තරහ නිසා පුංචි පුංචි හිතුවක්කාරකම් කෙල්ල කරන්න පුරුදු වෙලා හිටියත් යුන්මි මේ පාර නම් කලේ වෙනදාටත් වඩා හිතුවක්කාර මුරණ්ඩු වැඩක්.. අවාසනාවකට කෙල්ලගෙ මේ මුරණ්ඩු වැඩේ ගැන යුන්මිගෙ ග්‍රැනී තාමත් නොදැන හිටියා...

තමන්ව අරන් යන්න කිසිවෙකුත් නොපැමිණෙන බව දන්න යුන්මි එයාපෝට් එකෙන් එලියට ඇවිත් තමන්ගෙ ගත දැවටෙන සීතල සුළඟ ඇස් දෙක පියාගෙන විදින්න ගත්තෙ හිත සැහැල්ලු කර ගන්න ගමන්.. මද වෙලාවකින් ඇස් හෙමිහිට විවෘත කල යුන්මිගෙ ඇස් ගියේ අවටින් තැනින් තැන තිබුණු විදුලි ආලෝකත් තමන් සිටි තැන පසුකරමින් වේගයෙන් ඇදෙන වාහනත් වෙතට.. සෝල් නගරයත් තමා කලින් සිටි සිඩ්නි නගරය මෙන්ම රාත්‍රියටත් නොනිදන නගරයක් බව යුන්මි මේ දර්ශනයෙන් හොදින්ම තේරුම් ගන්නට උනා..

"Taxi.. Taxi.."

තව තවත් මේ තැන රැඳී සිටීමෙ තේරුමක් නොමැති නිසාවෙන් යුන්මි කලබලයෙන් ඒ ආසන්නයේ පැමිණි කුලී රියකට ගොඩ උණේ කොරියාව තුළ තමන් දන්නා හදුනන එකම පුද්ගලයා උනු තමන්ගෙ එකම සහෝදරිය වෙත යෑමට.. කලින් නොදන්වා පැමිණීම නිසා තමන්ගෙ සහෝදරිය තමන්ට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිදැයි හිතේ සැකයක් පහල උනත් ඒ දේවල් වලට හිත යෙදවිමට කාලය මෙය නොවේ... අවුරුදු පහකට කලින් තමාවත් තමන්ගෙ එකම නෑදෑයා උනු ග්‍රැනීවත් අත හැර කොරියාවට පැමිණි යුන්මිගෙ එකම සහෝදරිය උනු මින්සු ඉන්න තැන ලිපිනය හැරුණු කොට වෙනත් කිසිවක් යුන්මි දැනගෙන හිටියෙ නැති එක ගැන කෙල්ල මේ මොහොතෙදි හිතින් තමාටම දොස් කියන්න උනා.. මින්සුත් යුන්මිත් අතර ඒ තරම් හොද සම්බන්ධතාවක් මුල සිටම නොතිබුණත් තමන්ට මේ නොදන්න රට තුල තියෙන එකම රැකවරණය මින්සු විතරක්ම බව යුන්මි දැනගෙන හිටියා..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now