ටැටූ එක 🐺

1K 289 43
                                    

"ක්ගොන් කුමියා.. අනිම්යොන් ශාශිරින්ගොයා..?? (මේක හීනයක්ද.. නැත්නම් ඇත්තක්ද...?)"

යුන්මි හිටියෙ ලොකු ප්‍රශ්නයක.. කෙල්ල නින්දෙන් නැගිටපු වෙලාවෙ ඉදලම තවමත් ඉන්නෙ කල්පනා කරමින්.. නොදැනුවත්වම වගෙ යුන්මිගෙ මුවෙන් වචන ගිලිහෙන්නෙ ඒ කල්පනාවේ බැරෑරුම් කම නිසාවෙන්.. ඒ තරමටම ඊයෙ රාත්‍රියේ තමන් දුටු ඒ විකාර සිහිනය දැනටමත් කෙල්ලගෙ මනස අවුල්ජාලාවක පටලවලා...

යුන්මිට වෙන් වෙලා තිබුණු කුඩා කාමරයෙ එහෙ මෙහෙ යමින් නලලත් රැලි කරමින් යුන්මි ආයෙ ආයෙම කල්පනාවට වැටුණෙ පෙරදා රැයෙහි තමන් දුටු ඒ සිහිනය ගැන... ඇස් පියවෙන මොහොතක් ගානෙම ඒ සිහිනය මැවි මැවී පෙනෙන්න ගැනීමත්.. ඒ සෑම මොහොතකම තමන්ගෙ හෘද ස්පන්ධනය අසාමාන්‍ය වීමත්.. ඒ දේවල් සිහිනයක් පමණක් නොවේ යන හැඟීමත්.. මේ මොහොතෙ යුන්මිව  පිස්සු වට්ටල තිබුණා..

"ආශ්....අනී... මල්දු අන්ද්වේ... (ආහ්.. නෑ වෙන්න බෑ..)"

නලල රැලි කරමින් කාමරය පුරා ඇති සියල්ලකටම කේන්තියෙන් රවමින් එහෙ මෙහෙ ඇවිදින වේගය වැඩි කල යුන්මි අයෙම කල්පනාවට වැටුණා... පෙරදින රැයෙහිත් දවස පුරාත් තමන් රෝගීව සිටි බවක් නම් යුන්මිගෙන් පෙනුනෙම නැති තරම්.. ඇස් එහෙ මෙහෙ හරවමින් බැලූ යුන්මිගෙ ඇස් ගැටුණෙ බ්ලැන්කට් එක අසල තිබූ ජලය හරි අඩක් පිරවූ බෝල් එකක් වෙතට... ඒ භාජනය තමා රැගෙන ආ බවක් යුන්මිගෙ මතකයේ තිබුණෙ  නැහැ..

කොහොම තිබෙන්න ද..? 

එය රැගෙන පැමිණි පුදගලයා තමා නොවෙනකොට...

එහෙත් තව මොහොතක් යුන්මි ඒ ගැන හිතුවා නම්.. තව දශමයක් සුපරික්ෂාකාරී උනා නම්.. ඇගේම කාමරයේ කොනකට වන්නට තිබුණු කැබලි වලට ඉරීගිය පිරිමි ඇඳුම් දකින්නට ඉඩ තිබුණා..

ඒත්.. හිතුවක්කාරී..

අදත් හැමදේටම කලින් කේන්තියම ඉස්සර කරගෙන...

යුන්මි හිටියෙ කලබලයෙන්.. යුන්මිට නොදැනුවත්ම කාමරය පුරා එහෙ මෙහෙ යන වේගය වැඩි වෙන්න ගත්තෙ ඒ එක්කමයි.. තවමත් තමන් වෘකයෙක් තුරුලේ රැයක් ගත කළ හැඟීම හිතෙන් අයින් කර ගන්නට කෙල්ලට නොහැකියි.. හීනයකට මේ තරම් හිතට වද දෙන්නට පුලුවන් දැයි යුන්මි විටෙක කල්පනා කරන්නට උනා.. වෘකයෙක් එක්ක.... මිනිසෙක්..  එය තනිකරම සිදු නොවිය හැක්කක් ලෙස යුන්මිගෙ හිත කීවත්... තමා මේ රටට පැමිණි මොහොතේ සිට තමන්ට මුහුණ පෑමට සිදු වූ සියල්ලක්ම සිදු නොවිය හැකි තමන් හීනෙන්වත් ප්‍රාර්ථනා නොකරපු දේවල් යන්න නම් කෙල්ලට අමත වී ඇති හැඩයි..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now