පර්ෆියුම් 🐺

809 251 105
                                    

සුව නින්දේ හිටි ඇල්ෆා ජන්කුක්ට ඉබේටම වගේ ඇහැරුනේ තමන්ගෙ මුහුණට දැනුණු ස්පර්ශයක් නිසාවෙන්.. නිදිමතේම ඇස් හැර බැලූ ඇල්ෆා දැක්කෙ තමන් වෙතට මුහුණ යොමාගෙන ඉන්නා තරුණියක්ව.. නිදිමතත් තද අව්වේ සිට එකවර ඇස් හැර බැලීමත් නිසා තමාගෙ කම්මුලක් මත ඉතා සියුම්ව ඇඟිල්ලක් එහෙ මෙහෙ කරන ඒ තරුණියව අල්ෆා ජොන් නම් දුටුවේ බොඳ වී ගිය ජායාවක් ලෙසයි..

"යු.. යුන්මි.."

තම ඇස් වලට බොඳවී පෙනෙන රූපය යුන්මි යැයි වරදවා වටහා ගත් ඇල්ෆා ජොන්ගේ හිතට පුදුමයක් දැනුනෙ තමා සමඟ රන්ඩු කරනවා හැරෙන්නට ඒ හිතුවක්කාර කෙල්ලගෙන් මෙවැනි හැසිරීමක් මාසයක් පුරාවට කවර දිනකවත් ඇල්ෆා දැක නොතිබුණු නිසාවෙන්..

"ඕ ගෝඩ්.. ජන්කුක් ඇයි ඒ වදකාරි ගැනම මතක් කරන්නෙ.. ශිට් දවසම එපා උනා ඒ නම අහලා..."

ජිනා මූනත් හකුළුවගෙන කිව්වෙ ජන්කුක් ජිනා දිහා රවාගෙන බලන් ඉන්නකොට.. කිම් ජි නා.. සෝල් යුනි එකෙ ඇල්ෆා ජන්කුක්ගෙ පෙනුමට වහ වැටුණු තවත් එක් තරුණියක්.. සෝල් යුනි එකේ බොහොමයක් දෙනාගෙ සිහින තරුවක් උණු ඇය ජන්කුක්ට නම් දූවිල්ලක් තරමකුදු වටිනාකමක් නොමැති බව නම් මුළු යුනි එකටම නොරහසක්...

තමන් කැමති උණු.. තමන්ගේ අවධානය දිනා ගන්න සමත් උණු කිසිවෙක් මේ තරම් කල් ජිනාව ප්‍රතික්ෂේප කිරීමට සමත් වී නොතිබුණේ ඇයගේ රූපයත් ඇය සතුව පැවති ධනවත්කමත් නිසාවෙන්... එහෙත් ආඩම්බරකාර ජොන් ජන්කුක් ඊට හාත්පසින්ම වෙනස් බව ජිනා තේරුම් ගත්තෙ ජන්කුක්ට වහ වැටුණු මුල් කාලෙදිමයි.. මෙලෙස ජන්කුක්ගෙන් ප්‍රතික්ෂේප විම සෝල් විශ්වවිද්‍යාලය තුල තම අභිමානයට කැලලක් යැයි සිතූ ජිනා මුලදී කපටිකමින් ඇල්ෆා ජොන් සමඟ සුහද වීමට උත්සාහ ගත්තත් එය ද සාර්ථක නොවූ තැන කුමන හෝ විදිහකින් ජන්කුක්ව තමා වෙත නම්මා ගැනීමට උත්සාහ දරමින් හිටියා.. තද නින්දෙ පසු උණු ජන්කුක් වෙත ජිනා පැමිණියේද ඒ අදහස් කෙසේහෝ ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙනුයි...

කිසිසේත්ම ජන්කුක්ට දෙවෙනි වීමට අකමැති වූ ජිනා වැන්නියකට ජන්කුක් නොසිතා උනත් සලසලා දී තිබුණේ වටිනා අවස්ථාවක් නොවේ ද..?

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now