යුන්මිගෙ පලවෙනි ලෙක්චර් එක ගෙවුණෙ නම් පුදුමාකාර තරමේ කම්මැලිකමකින්.. කතා කරන්නට කෙනෙකු හෝ නොමැතිව තනියෙන් ගෙවුණු ඒ පැය තුන ඇතුලත තම ඇස් දෙක ඇරගෙන ඉන්න පවා යුන්මි ලොකු වෙහෙසක් ගත්‍තා.. ඇල්ෆා ජිමින් සිනියර් කෙනෙකු නොවී තමන්ගේම බැජ් එකේ උණා නම් කොයි තරම් හොද දැයි ඒ ගෙවුණු පැය තුනට සිය දහස් වතාවක් යුන්මිට හිතෙන්න ඇති...
යුන්මිගෙ ලෙක්චර් එක කොයි තරම් නිදිමත එකක්ද කිව්වොත් කෙල්ල දෙතුන් වතාවක්ම නින්දෙන් තමන් ඉස්සරහ තියෙන ඩෙස් එකේ මූණ වද්ද ගන්නත් උනා... ඒ සෑම මොහොතකම වගේ යුන්මිගෙ කටින් තමන්ට වඩාත් හුරුපුරුදු ඉංග්‍රීසි භාෂාවෙන් අසභ්‍ය වචනයක් දෙකක් පිට වෙන්නත් උනේ ඇය හිතන්නත් කලින්... වාසනාවකට ලෙක්චර් හෝල් එකේ එහාම කෙලවරක වැඩි පිරිසක් නොසිටි තැනක යුන්මි වාඩි වී හිටි නිසාම එලෙස යුන්මිගෙ කටින් පිට වූ වචන දෙතුන් දෙනෙකුට ඇරෙන්න වෙන කිසිවෙක්ට නොඇසුණා... වැරදිලා හෝ තම ප්‍රොෆෙසර් හට එය ඇසුනේ නම් මේ හිතුවක්කාර කෙල්ලට භාෂා භාවිතය හා එහි වැදගත්කම පිලිබඳව පිටු විස්සක පමණ දීර්ඝ විස්තරයක් සහිත විචාරයක් දඬුවමක් ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රොෆෙසර් ලීක්යුං පවරන බව නම් යුන්මි හැර අවට සිටි සියල්ලෝම දැන උන්නා...
ලෙක්චර් එක ඉවර වෙන නියමිත වෙලාවට මිනිත්තු පහකට පමණ පෙර සිට එක දිගට දහ දොලොස් පාරක්ම තම ඔරලෝසුවට එබුණු යුන්මිට නම් තිබුණේ ලොකු නොඉවසිල්ලක්.. පලවෙනි දවසෙම යුන්මිට නම් ප්‍රොෆෙසර් ලීක්යුංව නම් තිත්ත වී ඇති පාටයි...
අවසානයේ නියමිත වේලාවත් පසුවී තවත් අමතර විනාඩි දහයක් පමණ තමන්ගෙ ප්‍රොෆෙසර් ලෙක්චර් එක නොනවත්වා කරගෙන යන කොට ඇල්ෆා ජිමින් අද උදේම තමන්ට දුන් තවමත් කරේ එල්ලෙන ඒ වයිට් ගෝල්ඩ් මුන් ලයිටින්ග් රින්ග් එක ගලවා දමා තම වෘක ස්වරූපයට පැමිණ සියල්ලෝම බය කර එලවා දැමීමට ඔමේගාවට කිහිප සැරයක්ම සිතුනත් ඈ සියල්ල ඉවසාගෙන සියේ නම් පුදුම තරමේ අපහසුවෙන්.. එහෙත් එම හිතුවක්කාර අදහස හිතට එන සැරයක් පාසා හිතට දැනෙන ඒ සතුටත් ප්‍රොෆෙසර් ලීක්යුංගේ ඒ බය උණු මූණත් මවා ගන්නා සැරයක් පාසා මූණට මැවෙන ඒ කපටි මුරණ්ඩු හිනාව නම් යුන්මිගෙ මූණෙන් නොනවත්වාම පිටතට පෙනෙන්නට උනා..
YOU ARE READING
🐺Fate 🐺 || JJK (COMPLETED)
Fanfiction"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමයි..." Fanfiction only ❤️ ⚠️️කොපි කරන්න එපා⚠️️