ඔමේගා ජීයුන් 🐺

862 256 56
                                    

"නා.. නා.. නු.. නුගුයා...? (මම කව්ද..?)"

දිග නිහඬියාවකින් පස්සෙ යුන්මි කතා කළ පලවෙනිම වචන කිහිපය එය උනත් යුන්මිට හරි හමන් පිලිතුරක් දෙන්නට නොහැකි උණු මින්සුට ඉබේටම හීල්ලෙන්නට උණි.. ජිමින්ද කිසිවක් කර කියා ගන්නට නොහැකිව තමාට ගුලි ගැහී ඉකි ගසමින් ඉන්නා යුන්මිගේ හිස හෙමින් පිරි මදින්නට උණා.. නැවත ඔවුන් අතර ඇති උනේ නිශ්ෂබ්ද බවක්..

"මම.. මම නිසා තව පොඩ්ඩෙන් මින්සු මාව දාලා යනවා... එයා.. එයාට මන් නිසා රිදෙන්න ඇති.. මන් වෛර කරනවා.. මන් වෛර කරනවා.. මට..."

යුන්මි නැවත පිස්සියක් මෙන් ඉකි ගසන්නත් නැවත නැවත එකම දේ කියවන්නත් උනා.. ගෙවුණු පැයටම තමන්ටම වෛර කරනවා යන්න හැර වෙන කිසිවක් යුන්මිගෙ මුවින් පිට නොවුණා.. ජිමින්ට පවා ඇයව පාලනේ කරන්නට ලොකු වෙහෙසක් ගන්නට සිදු උණේ යුන්මිගෙ මේ කලබලකාරී හැසිරීම් නිසාමයි..

යුන්මිගෙ පරිවර්තනයෙන් සති දෙකකට පසු තමාගේ ඔමේගාව පාලනය කිරීමට යුන්මිට හැකියාවක් ලැබුණෙ ජිමින්ගෙ උදව් උපකාර නිසා.. ජිමින් වරෙක පියෙක් ලෙසද තවත් වරෙක වැඩිමහල් සහෝදරයෙක් ලෙසද තවත් වරෙක ගුරුවරයෙක් ලෙසද මේ ගෙවුණු සති දෙක පුරාවට යුන්මිගෙ ළඟින්ම හිටි එක මින්සුට ලොකු සහනයක් එක් කලා.. ජිමින්ගේ ආරක්ෂාව යටතේ ඉන්නා දින කිහිපය තුළ මින්සුට cometලාගෙන් ආරක්ෂා වන්නට අමුතුවෙන් උත්සාහ නොගත යුතු බව මින්සු දැනගෙන හිටියත් තව දුරටත් අනවශ්‍ය පරිදි ජිමින්ට කරදරයක් වන්නට මින්සු අවශ්‍ය උනේ නෑ.. ඒ නිසාම තම තුවාල සම්පූර්ණයෙන් සුව වන්නටත් ප්‍රථම නිවසට එන්නට මින්සු තීරණේ කරල තිබුණා..

පැයකට පමණ ප්‍රථම තම තීරණේ නිසා ජිමින්ගේත් උදව් ඇතිව නැවත නිවසට මින්සු ආවත් මින්සු දුටු විටම යුන්මිගෙ ප්‍රතිචාරය ඇය මීට පෙර සිතා සිටියාටත් වඩා වෙනස් උනේ මින්සු වගේම ජිමින්වත් තරමක් දුරට කලබල කරලා..

"මන්.. මන් නිසා නේද...?"

මින්සුව දුටු පලවෙනි මොහොතෙම යුන්මි කලබලෙන් ඇගේ ඇස් තම තුවාල පුරා අරන් ගිය හැටිත් ඒ එක්කම තමාටම තුවාල කර ගන්නට උත්සහ කල හැටිත් මතකෙට ආ මින්සුට හීල්ලුනේ ඉබේටම.. ඒ මොහොතෙ ජිමින් ඔවුන් ළඟ නොසිටින්නට යුන්මි තමන්ටම ලොකු විනාසයක් කර ගන්නා එක නවත්වන්නට කිසිවෙක්ට නොහැකි බව මින්සු දැනගෙන හිටියා..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Où les histoires vivent. Découvrez maintenant