කොමෙට් 🐺

807 246 71
                                    

"Oh god..! What's happening to me.. Min Su.. Ji Min... Please.. I wanna know everything..."

පැය බාගෙක නිහැඬියාවකින් පසු යුන්මි තම කටහඬ අවදි කලත් ඇගේ ඇස් තවමත් යොමු වෙලා තිබුණේ තම ඇස් මානයේම මදක් ඇතින් වන්නට පේන හන් ගඟ දෙසටයි.. යුන්මිගෙ කටහඬේ වගේම ඇය වෙතින් නික්මුණු පෙරමෝන වල පවා වෙනදාවත් වඩා කලකිරීමක් දුකක සේයාවක් ඇති බව යුන්මිටත් මින්සුටත් තර මැදි වෙන්නට වාඩිගෙන සිටි ජිමින්ට හොඳින්ම දැනුනා..

ඒත්.. 

පලවෙනි වතාවට comet ඇල්ෆා නිශ්ෂබ්දයි..

මොනවා කියන්නද...?

තමාත් හරි හැටි කිසිවක් නොදැන යමක් පැවසීම තනිකරම අඳුරේ අතපත ගෑමක් නොවේ ද...?

ජිමින් නිශ්ෂබ්දව සුසුමක් හෙලා තම දෑස් මින්සු වෙත යැවූයේ දින ගණනාවක්ම යුන්මිටත් නොදෙවෙනි වෙන ලෙස තමන්ගේත් හිතේ ඇති වූ ප්‍රශ්න වලින් එකකට දෙකකට හෝ පිලිතුරු දැන ගැනීමේ අරමුණෙන්.. පෙරදා හවස තමා හමුවී සිදු කල ඒ මින්සුගේ ඇවටිල්ල නොතිබෙන්න ජිමින් අද මේ මොහොතෙ මේ තැන නොසිටින්නට තිබුණා.. ඒ හැර යුන්මිගෙත් මින්සුගෙත් පෞද්ගලික දේවල් වලට ඇඟිලි ගහන්නට ඇල්ෆා ජිමින්ට නම් කොහොමටවත් අවශ්‍යතාවක් නම් නොතිබුණා...

අඩුම තරමේ තමාව මේ ගමනට රැගෙන එන්නට මින්සුට තිබූ හේතුව හෝ දැන ගැනීමට ජිමින්ට අවශ්‍යව තිබුණා.... එහෙත් ජිමින් දැක්කෙ කියන්නට බොහෝ දේවල් හිතේ දරාගෙන එහෙත් තරමක දෙගිඩියාවකින් තමන් දෙසත් යුන්මි දෙසත් මාරුවෙන් මාරුවට අසරණ බැල්මකින් බලා ඉන්නා මින්සුයි.. comet ඇල්ෆා කෙනෙකු වූවත් හැමදාමත් තවකෙකුගේ හැඟීම් තේරුම් ගත හැකි වූ ජිමින්ට මින්සු ගැන අනුකම්පාවක් දැනෙන්න වූයෙන් ඇල්ෆා නිහඩවම ඇස් බිමට බර කර ගන්නට වූයේ මින්සුට හිතන්නට ඇති තරම් ඉඩ ලබා දෙමින්...

"නා නුගුයා...? (මම කව් ද...?)"

නිහඬ බව බිඳිමින් යුන්මි තරමක නුරුස්සනා හඬකින් අහන්නට වූයේ තවමත් තම ඇස් හන් ගඟ දෙසටම යොමාගෙන.. 

"වුල්ෆ් කෙනෙක්..."

යුන්මිගෙ පිලිතුරට ජිමින් කෙටි උත්තරයක් ලබා දෙන්නට වූයේ ඇය ඇසූ දෙය එතරම් ගණනකට ගෙන නම් නොවේ..  ගෙවුණු දවස් කීපය ඇල්ෆා ජිමින්ගෙන් යුන්මි මේ ප්‍රශ්නය ඇසූ වාර ගණන කොපමණ දැයි ඇයම නොදන්නාවා ඇති.. ඒ සෑම මොහොතකම මෙන් මෙවරත් යුන්මිගෙ ඒ පැනයට තමාගෙ සුපුරුදු පිලිතුර ඇල්ෆා ජිමින් ලබා දුන්නත් හිතුවක්කාර ඔමේගාවගේ ඇස් ක්ෂණයකින් ගිනි රත් පැහැයට හැරෙන්නට වූයේ කේන්තියෙනි..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now