සුපුරුදු උණුහුම 🐺

942 254 108
                                    

යුන්මි තමන්ගෙ සිහින් අත් ඒ හිම සුදු වෘකයා වටේ යවමින් හිටියෙ ලොකු කල්පනාවක.. තම දෑත් වලින් තව තවත් වෘකයාව තමාටම තුරුල් කර ගනිමින් ඒ උණුහුමේ යුන්ම් ඇස් පියා ගත්තෙ කාලෙකට පස්සෙ දැනුනු ඒ සැනසීම නිසා..

එහෙත්..  මෝඩ ඔමේගාව...!

තමන්ගේ ඒ ස්පර්ශයන් පවා ඒ හිම සුදු වෘකයාගෙ රතු පැහැති ඇස්  රන්වන් පැහැති කරන්නට සමත් වන බව  නම් ඈ නොදැන උන්නා..

"මට පාලුයි.."

පලවෙනි වතාවට යුන්මි තම කටහඩ අවදි කලේ ඒ හිම සුදු වෘකයාගේ සිනිදු ලෝම කදුළින් තෙත් කරන ගමන්...

"මිනී කියල කතා කරන.. හැම තිස්සෙම මට අවවාද දෙන මින්සු නැතුව මට පාලුයි.. අප්පා කෙනෙක් වගේ මාව බලා ගන්න.. වෙලාවකට යාලුවෙක් වගෙ මාත් එක්කම රන්ඩු කරන ජිමින් නැතුව මට පාලුයි..."

යුන්මි කියවන් ගියේ ඇස් වලින් ගලා යන කදුළු වලට ඔහේ ගලා ගෙන යන්න ඉඩ දීලා.. තමා ඉදිරියේ ඉන්න වෘකයා ඇල්ෆා ජොන්ගෙ වෘක ස්වරූපය බව නොදැන යුන්මි ඔහේ කියවන්න උනේ හිත් වේදනාවට..

සමහර විට ඒ ඇල්ෆා ජොන් ජන්කුක් බව දැනගෙන උන්නා නම් ඇය කිසිදු වෙලාවක මේ තරම් ඔහුට විවෘත නොවන්නට ද ඉඩ තිබුණා...

"දන්නව ද... මම මට වෛර කරනවා... වුල්ෆ් කෙනෙක් උණු එකට මන් මටම වෛර කරනවා.."

යුන්මි ඇසෙන නෑහෙන හඬින් තමන් අසල හිටි හිම සුදු වෘකයාට තවත් තුරුල් වෙමින් කියන්න උනේ වෘක ස්වරූපයෙන් හිටි ජන්කුක්ගේද හිත වේදනාවට පත් කරමින්.. මේ මොහොතෙ තම ඔමේගාව තුරුල් කරන් ඇයව සනසවන්න ඇල්ෆා ජොන්ට ඕනෑ වෙලා තිබුණා..

ඒත් එයට තමන් ඉන්නා ස්වරූපය ඔහුට හරස් වෙලා තිබුණා..!

"ඒක හරි අමාරුයි.. සාමාන්‍ය කෙනෙක් වෙලා එකපාරටම වුල්ෆ් කෙනෙක් වෙන්න උනාම..."

ඇල්ෆාගෙ ඇගට තුරුල් වෙලා රෑ අහස දිහා බලාගෙන යුන්මි කිව්වෙ ඇසින් ගලන කදුළු හෙමින් පිහිදා ගනිමින්.. ඒ හඬේ ලොකු වේදනාවක් සමඟ කලකිරීමක් ජන්කුක්ට තේරුණා.. තමන් යුන්මිට නපුරු උනා වැඩි බව තේරුම් ගත්තු ජන්කුක්ට දැනුනෙ තමන්ගෙ මේ කේන්තිය ගැන පසුතැවීමක්.. එහෙත් මේ ආකාරයෙන් හෝ තම ඔමේගාව තනි නොකර ඉන්නට තමන්ට පුලුවන් වීම ගැන ජන්කුක්ට තිබුණෙ සැනසීමක්... මේ මොහොතෙ යුන්මිට අවශ්‍ය හොද සවන්දෙන්නෙක් වගේම හිතට විශ්වාසවන්ත කෙනෙකු බව ජන්කුක් දැන හිටියා.. තමන්ගේ සාමාන්‍ය පෙනුමට වඩා වෘක ස්වරූපය හො යුන්මිගෙ හිතට සමීප කරන්නට ඔහුට හැකිවීම තරමක හෝ සහනයක් ඒ හිතට සැලසීමට කැකි වෙලා තිබුණා..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now