කම්මුල් පාර 🐺

1.1K 283 170
                                    

"යා.. ඇල්ෆා ජොන්ග් ජන්කූකූකූක්... මොකක්ද ඕකෙ ඔය තරමට බලන්න තියෙන්නෙ....?"

පැය බාගයක් තිස්සෙ නිශ්ෂබ්දව ජන්කුක්ගෙ හැසිරීම පෑන් එකකුත් අතේ තියන් කොල්ලටත් හොරා බලන් හිටි ඇල්ෆා ජින් සුපුරුදු හඬින් සද්දෙන් කතා කලේ ජකුක්ගෙ මේ විකාර හැසිරීම තව දුරටත් බලා හිටිය නොහැකි තැන.. පැය බාගයක් තිස්සෙ අතේ ඔතා ගත් රෙදි කෑල්ලක් දිහා බලන් හිනා වෙන ඇල්ෆාගෙ විකාර හැසිරීම ජින්ට ප්‍රශ්නයක්..

ඒ හැරත්.. ඇල්ෆාගෙ මින්ට් මිශ්‍ර කස්තුරි සුවඳ එන්න එන්නම මිහිරි වෙමින් පැවතුණේ ඇලෆාගෙ හැඟීම් පිටතට පෙන්නන්න වගේ...

ඔව්.. ඇල්ෆා ජොන් සතුටින්.. වෙනදාටත් වඩා...

එයට හේතු ඒ කුඩා රෙදි කැබැල්ල ද..?

රෙදි කැබැල්ලකට හිතුවක්කාර මුරණ්ඩු ඇල්ෆෙක් සතුටින් තිබිය හැකිද...?

කිසිම වැඩකට නැති නිකම්ම නිකන් රෙදි කැබැල්ලකට...?

පැය බාගයක් තිස්සේ බලා හිඳ ඇති වූ ජින් එලෙස තමාගෙන්ම ප්‍රශ්න කලේ මේ විකාර හැසිරීම තේරුම් ගත නොහැකිව...

එහෙත් ජින්ගෙ කටහඬින් ගැස්සිලා ගිය ජන්කුක් අතේ තිබූ රෙදි කැබැල්ල කලබලෙන් තම සාක්කුවට ඔබා ගත්තෙ කිසිත් සිදු නොවූ ගානට..

ඇල්ෆා කිම් සොක්ජින්..

Moon valley පැක් එකේ පැක් ඇල්ෆාට බලපෑම් කළ හැකි තවකෙක්.. Submissive alpha කෙනෙක් වූ ඇල්ෆා ජින් පැක් එකේ වගකීම් කරට අරන් කටයුතු කරන තරමක වගකීම් සහගත පුද්ගලයෙක්.. අන් කිසිවෙක්ට වඩා සැලකිලිමත් පුද්ගලයෙකු ඌ ඇල්ෆා ජින්ගෙ කන්නෙන් රිංගීම නම් බොහොමයක් අසීරු කටයුත්තක්..

එහෙත්.. 

හිතුවක්කාර ඇල්ෆා ජොන් ජන්කුක්ට නම් ඒක එතරම් අපහසු කටයුත්තක් නොවේ...

තමාගෙ සියලු හිතුවක්කාර මුරණ්ඩු වැඩ  සියල්ලටම තම පණ දෙවෙනි කොට සහය දෙන ඇල්ෆා කිම් ටේහ්යොන් ඉන්නා විට එය තවදුරටත් අසීරු වන්නේ කෙසේ ද..?

ඒ හැරත්..

මුරණ්ඩු pure blood alpha වෙකුගේ වැඩ වලට බාධා කර ඔහුගේ කේන්තියට හසු වෙන්න තරම්  පැක් එකේ කිසිම ඇල්ෆාවෙක්ට, බීටාවෙක්ට හෝ කිසිම ඔමේගාවෙක්ට ධෛර්යයක් තිබුණේම නැහැ.... ඇල්ෆා ජින් උනත් ජන්කුක්ගේ ජීවිතයට අනවශ්‍ය ලෙස බලපෑම් නොකළෙ ජන්කුක්ගේ කේන්තිය තමාටවත් තම  සහෝදරයා වුණු ඇල්ෆා කිම් නම්ජුන්ටවත් පාලනය කළ නොහැකි තරමේ දරුණු බව අත්දැකීමෙන් ම දන්නා නිසා..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now