රතු ඇස් 🐺

1.4K 345 80
                                    

තමන් දෙස කොයිම මොහොතක හෝ පනින්න බලාගෙන ගොරවමින් ඉන්න වෘකයන් දකින කොට යුන්මිට බයක් හිතට දැනුනත් කෙල්ලගෙ ඒ බය පරදමින් අනුකම්පවක් හිත තුලට ඇවිත් තිබුණෙ තමන් ඉස්සරහින් බිම වැටී වේදනාවෙන් ඉන්න සුදු පැහැති වෘකයත් ඒ සතාගෙ එක් අතක තිබුණු තුවාලයත් හේතුවෙන්.. යන්තමින් ඇසුණු ගොරවන හඬ ඒ හිම සුදු වෘකයා වේදනාව හේතුවෙන් පිට කළක් බව යුන්මිට හිතෙන්න උනා.. තමන්ට මේ දේවල් හිතෙන හේතුව යුන්මි දැනගෙන හිටියෙ නෑ.. වෙන මොහොතක නම් තමන් කරන්න යන මේ විකාර වැඩේ ගැන යුන්මි තමන්ටම දොස් පවර ගන්න තිබුණා..

ඒත් මේ මොහොත යුන්මිව වෙන කෙනෙක් පාලනය කරන්න වගේ කෙල්ලට දැනුනෙ.. තමන් ගැනවත් අවටින් වෙන කිසිම දෙයක් ගානක් නොමැතිව යුන්මි ඒ සතා වෙත ටිකින් ටික ළං උණා.. පාදයෙන් නොනවත්වා ලේ ගලමින් තිබුණු තුවාලය ටැක්සිය හැපීමෙන් සිදුවුවක්ද නොඑසේ නම් වෙනත් හේතුවක් නිසා සිදුවූවක්ද යන්න ගැන යුන්මිට අවබෝධයක් තිබුණෙ නැහැ... යුන්මි කියන්නෙ කවදාවත් තව කෙනෙක් ගැන ඕනිවට වඩා වද නොවුණු කෙනෙක්.. වෙන අවස්ථාවක නම් යුන්මි ටැක්සි රියදුරා මෙන් ටැක්සිය තුළම ඉන්න තිබුණත් අද වෙනදා හැසිරීමට වඩා තමන්ගෙ හැසිරීම වෙනස් බව යුන්මිවත් හරි හැටි දැන්ගෙන හිටියෙ නම් නෑ..

අනෙක් වෘයකයන්ගෙ විරුද්ධත්වය පල කරන ගෙරවීම් මැද ඒ හිම සුදු වෘකයා ළඟ තම දෙදණ තියා ගත් යුන්මි තම සිහින් අතැඟිලි ඒ සුදු සිනිඳු ලෝම වලින් පිරුණු හිස මත එහෙ මෙහෙ ගෙනියන්න උනේ අනුකම්පාවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනෙක් වෘයකයන්ගෙ විරුද්ධත්වය පල කරන ගෙරවීම් මැද ඒ හිම සුදු වෘකයා ළඟ තම දෙදණ තියා ගත් යුන්මි තම සිහින් අතැඟිලි ඒ සුදු සිනිඳු ලෝම වලින් පිරුණු හිස මත එහෙ මෙහෙ ගෙනියන්න උනේ අනුකම්පාවෙන්.. ඒ දැනුණු ස්පර්ශය නිසා ඒ වෘකයා සිහින් ඒත් සැනසිලිදායක ගෙරවුම් හඬක් පිට කරන්නය උනේ රැලේ අනික් වෘකයන්ගේ ගෙරවුම් හඬ මොහොතකට නතර කරමින්..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now