Episode 01. 🌓

772 127 61
                                    

වෙනදා වගේම එදත් සෝල් අහස නිල් පාටට දිලිසෙනවා..... හරියට පැහැදිලි මුහුදු ජලය වගේ. නීල වර්ණ මිශ්‍ර ධවල පැහැයකින් අලංකාර වුණ ඒ පුංචි වලා කැටි තවත් ඒ අහසේ ලස්සන වැඩි කළා..... එක් තැනකින් කඩා හැලෙන කහ පැහැති හිරු රෂ්මිය මුළු නගරෙම එළිය කරා......
උදෑසන පිනි බිඳු තැනින් තැන වැටෙද්දී නගරය හුඟක් කාර්යබහුලයි.... අහස උසට නැගී ඇති ගොඩනැගිලි මීදුමෙන් වැහිලා තිබ්බේ... පාර හරහා ගමන් කරන වාහන හඬ පරිසරයට මුසු වෙලා...... විවිධ පක්ෂීන්ගේ මිහිරි නාදය ගී පද වැල් නොදෙවෙනිව ඇහෙද්දි මුළු නගරයම අවදි වී හමාර බව හඟවනවා....
නමුත් නගරයට මදක් දුරින් කදු ගැටයක පිහිටලා තිබ්බ කුඩා පැල්පතක තවමත් මිනිසෙක් නිදා සිටිනවා.... දුඹුරු මිශ්‍ර අදුරු පැහැයෙන් දිලිසෙන නිවස නිම කර ඇති ලී හුඟක් කැපිලා පෙනුනා..... තවමත් තම යහනේ සුව සේ නිදා සිටින පුද්ගලයා නිදි ගැට කඩමින් අවදි වුණා.... තම යහනේ හිද ගත් ඔහු කවුලුවෙන් ඈත අහස දිහා බලාගෙන හිටියා...

"ආශ් කිසි වැඩකට නැති දවසක්. "

ඔහු නැවත තම යහනට වැටුණේ තව ටික වෙලාවක් නිදා ගන්න... වැඩ කිරීමට කම්මැලි මොහු නින්ද ප්‍රිය කළ තැනැත්තෙක්...

"ඒයි දොර අරිනවා... "

"උදේ පාන්දර මොකට වද දෙනවද මන්දා. "

"මේ කෑම එක ගන්නවා.... "

"ඔහෙන් තියලා යනවා ඕයි වද නොදි. "

"සල්ලී. "

"පස්සේ දෙන්නම්... දැන් යනවා. "

"මොකෙක්ද මන්දා..... ඔහොම ඉදගෙන කොහොමද සල්ලී හොයන්නේ... මොකට ඉපදිලද මන්දා...."

ඒ පුද්ගලයා එතනින් ගියා..... තව ටික වෙලාවක් නිදා ගෙන අවදි වු පැල්පත් මිනිසා.... මුව සෝදා තම සුපුරුදු ඇදුම ඇදගෙන කෑම කන්න ගත්තා....


















































ඇත්තටම මොහු කව්ද. ඔහු නමින් Min Yoongi. වයස අවුරුදු 25 ක තරුණයෙක්.... සෝල් වලට නුදුරින් පිහිටි කුඩා කදු මුදුනක තැනූ පැල්පතක ජීවත් වෙන්නේ තනියම....
ඔහු කුඩා කල ඔහුගේ මව මිය ගියා. මවගේ මුව වත් නොදුටු ඔහු ජීවත් වුණේ තාත්තා එක්ක... හරියටම අවුරුදු 10 දී තමන්ගේ පියාගේ වියෝවෙන් පසු තම වැඩිමහල් සහෝදරයා සමඟ ජීවිතය ගෙව්වා.. කිසි වැඩට උදව් නොකරන Min Yoongi ඔහුගේ සහෝදරයටද එපා කරා.... ඔහුගේ සහෝදරයාද ඔහුව දමා ගියා.... පසුව තනියම ජීවත් වෙන මොහු අදටත් කිසිම වැඩක් කරන්නෑ....... දවල් වෙලා අවදි වෙන මොහු නිතරම කරන්නේ පාරෙ ඇවිදින එක...

𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Where stories live. Discover now