Episode 02. 🌓

373 102 64
                                    

"ඔව් කවදා හරි කවුරුම හරි මං ළඟට එයි. එතකං බලාගෙන ඉන්නවා.. "

ඔහු මද වෙලාවක් එහි සිට.. හීමීට මුහුදු මායිම දිගේ ඇවිදගෙන ගියා.....දවස මේ විදියට ගත කරන මොහු හැන්දෑවට කුඩා ලමුන් සෙල්ලම් කරන Park එකට ගොස් ඔවුන් දිහා බලාගෙන ඉන්න එක පුරුද්දක් කර ගත්තා...... එක් කුඩා පිරිමි ළමයෙක් දුව විත් ඔහුගේ අතේ එල්ලුනා...

"මාමා.... එන්නකූ... අපිත් එක්ක සෙල්ලම් කරන්න.... අනී..."

"ඕහෝ පැටියෝ..... ඔයාගේ නම මොකක්ද..... "

"Pilip.. මගේ නම Pilip. අනේ එනවා නේද..."

"හරි මං ඔයත් එක්ක සෙල්ලම් කරන්න එන්නම්.. "

ගොඩක් වෙලා ඒ ළමයි එක්ක ඒ වෙලාව ගත කරපු යුන්ගිට ඒ පොඩි ළමයින්ට සමුදෙන්න වුණා. එක එක්කෙනා එතනින් නික්ම ගියා... කෙමෙන් කෙමෙන් සෝල් නගරය අන්ධකාරය සිප ගනිමින් හිටියේ.... ටික ටික පහන් දැල්වෙද්දි , රාත්‍රී ආහාරය ගැනීමට පැමිණි සමහර අය හොටෙල්ස් වලට ඇදෙන්න ගත්තා..කාත් කවුරුවත් නැති මේ පැල්පත් මිනිසා ඇදුනේ තමන්ගේ කුඩා පැල්පතට. මදක් තම නිවසේ දොර ළඟ නතර වී අහස දිහා බලාගෙන හිටියා....

"අද අහස හුඟක් වෙනස්. වෙනදට මෙහෙම නෑනේ.... හතර වටේ ඇවිදලා මගේ මොලෙත් සම්බෝල වෙලාද මන්දා. 😐 ටිකක් නිදා ගන්න ඕන.... එතකොට හරියයි. 🙂"

මද වෙලාවක් එතන රැදී සිටි ඔහු තම නිවස තුළට ගියා... තම ඇදුම් ඌනා තබා Bathroom එකට ගිය යුන්ගි මද වෙලාවක් ගලාගෙන යන නිසල ජලය දිහා බලාගෙන හිටියා.... රාත්‍රී සිසිල් ජලය ඔහුගේ සුදු පැහැති හිස කෙස් අතරින් ගලාගෙන යනකොට ඔහුට දැනුණේ තමන්ගේ ඇඟ හිරි වැටිලා යනවා වගේ... අයිස් වන් ජලය උණුසුම් ශරීරය දිගේ පහළට ඇදී ගියා.... රාත්‍රි 8 පමණ ඔහු නාන කාමරයෙන් එළියට ආවා.... පැයක පමණ කාලයක් ඔහු ඒ සීතල ජලය සමඟ කාලය ගත කරා... ඔහුගේ රාත්‍රි සැහැල්ලු ඇදුම ඇගලා ගත් පසු ඔහු තම මේසය මත වාඩි වී මදක් මේසය උඩ නිසලව තියෙන පැන්සල දිහා බලාගෙන හිටියා.

( A/N : යකාගෙ මිනිහෙක් නේ. 😐 මෙයිට හොඳයි නේද රීඩර්ලා පිළිමයක් එක්ක කතා කළා නම්. 😂)

මදක් නිහඬව කුඩා පැන්සල දිහා නෙත් දල්වා බලාගෙන සිටි යුන්ගි අසල තිබූ මදක් අපිරිසිදු අළු පැහැයට හැරවී තිබූ කොලයක් අතට ගත්තා..... මෙතෙක් වෙලා බලා සිටි පැන්සල අතට ගත් ඔහු අළු පැහැතේ කොලයේ එක්තරා රුවක් සිත්තම් කරන්න ගත්තා.... සිහින් දිගටි ඇස් සිහින් තොල් පෙති කුඩා නාසය මේ සියල්ල සිත්තම් කර ඔහු අවසානයේ කඩවසම් තරුණයෙකුගේ රුවක් සිත්තම් කළා.... සිතුවම ඇද ඉවර කළ ඔහු එය අතට ගෙන මදක් එය දිහා බලාගෙන හිටියා...

































































𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Where stories live. Discover now