Episode 07. 🌓

233 76 42
                                    

ජිමින් කියන්නේ හදවත් රෝගියෙක්...💔😔 එයා ගොඩක් තනි උන කෙනෙක්..... එයා ගිය දවස් ටිකේ ගොඩක් සතුටින් හිටියේ යුන්ගි නිසා... එයා ගොඩක් සංගීතයට ආස කළේ එයා හදවත් රෝගියෙක් නිසාමයි.... එයාව ගොඩක් සුවපත් කරන්න ඒකට පුළුවන් වුණා... දරුණුවටම එයාට ඒ ලෙඩෙ බලපාලා තිබ්බේ නෑ.... ඒත් අද ඒ ලක්ෂණ මතු උනා.... වෙන දවස් වලට නොඑන ලොකු වේදනාවක් අද ඇති වුණා. 😧 යුන්ගිට එයා ඒක කියන්න කැමතියි වුණේ නෑ..... කාටවත්ම කියන්න කැමතියි වුණේ නෑ..



දිනකට පසු.....

මං උදේ නැගිටිනකොට මගේ ඔලුව උඩ ලොකු බරක් තියලා වගේ දැනුනා. ☹️ ඒ තරමටම ඔලුව බර ගතියක් දැනුනා. 😫 මං හිමීට ඇස් ඇරලා බැලුවේ මං කොහෙද ඉන්නේ කියලා. එක පාරටම මට ඇස් දෙක හුරු උනේ නෑ මං කොහෙද ඉන්නේ කියලා..👀 මං හිටියේ Hospital එකේ..... මං එකපාරටම ඇද උඩ වාඩි වෙලා බැලුවේ ජිමින් කොහෙද කියලා..... 😕 එතකොටම එතනට නර්ස් කෙනෙක් ආවා.... 🙂

" ඕහෝ මින් යුන්ගි ඔයා නැගිට්ටද.... "

" ඔව්.... මැඩම් කෝ මං අරගෙන ආපු කෙනා.... "

ඒ නර්ස් ඒකට නිරුත්තර වුණා..... මං ආය පාරක් එයාගෙන් ඒ දේම ඇහුවා.....

" කෝ එයා. " 😐

" යුන්ගි..... ඔයා ලොකු සර්ගෙ කැබින් එකට යන්න.... එයා ඔයාට එන්න කිව්වා...."

" හරි මම යන්නම්.... "

මම එහෙම කියලා හිමීට ඇදෙන් බැහැලා ඩොක්ටර්ගෙ කැබින් එකට ගියා....ඒ යනකොට එයා හිටියේ ලොකු කල්පනාවක....😕💔 එයා මාව දැක්කා විතරයි එයාගේ මූණ අදුරු වුණා... 🥀☹️ ඇයි ඒ... මොකක්ද වෙලා තියෙන්නේ. ඇයි කවුරුත් මට කියන්නැත්තේ...

" ඇයි මේ.... මොකක්ද වෙලා තියෙන්නේ. කෝ මගේ ඒන්ජල්..😍 "

" වාඩි වෙන්නකො මුලින්ම යුන්ගි.... "

" අනේ කියන්න ඇයි ඔයාලා හැමෝම මලානික වෙලා...."

" මින් යුන්ගි..... මේකයි... ඔයාගේ ඒන්ජල් අපි හැමෝම දාලා ගියා. 🥀💔 මට සමාවෙන්න.... අපිට එයාව බේරගන්න බැරි වුණා... "

" මො...... මොකක්... මගේ ඒන්ජල් මාව දාලා ගියා.... ඔයාලා ඔය බොරු කියන්නේ එයාට එහෙම කරන්න බෑ... " 😭

𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Where stories live. Discover now