Episode 08. 🌓

233 71 40
                                    

ජිමින්ගෙන් යුන්ගිට....😔😩

හදවත් රෝගියෙක් වන මට.
පුංචි හරි සතුටක්.
පුංචි හරි ආදරයක්.
දුන්නානම් දුන්නේ ඔයා.

මගේ මුළු ජීවිතේම
මගේ මුළු සතුටම.
මගේ හැමදේම.
ඔයා මින් යුන්ගි.

හමුවු පළමු දවසේ.
දුටුවෙ නපුරු කෙනෙකු සේ.
නමුත් ඔබගේ ළාමක හිත.
සංවේදි බව හැගුණා මට මෙලෙසේ.

යුන්ගිගෙන් ජිමින්ට... 🥀💔

තනි වුණු පුංචි හදකට.
ළං වුණ ඔබ.
මගේම විතරක් බව.
හැගෙනවා දැන් මට.

බැදීමක අරුත.
ඔම්මාගේ උණුසුම.
හැමදා රැක්කේ මාව.
ඔබ තමයි ඒන්ජල්.

ඇයි නොකියා හිටියේ ඔබ...
ඒ වගේ ලොකු රහසක්...
නොකියා ගියේ ඇයි..
මා තනිකර මේ තනිවුණු ලෝකයේ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







අවුරුදු දෙකක් ගත වුණේ හිතන්වත් වේලාවක් නොදී..... ජිමින් නැති වුණාට පස්සේ යුන්ගි එයාගේ ජීවිතේ නැති කර ගත්තේ නෑ.... ඒ ජිමින් එයාට දීලා ගිය දේ නිසා....
ඔව් එයා මට අන්තිමට ලිව්මක් විතරක් ඉතුරු කරලා ගියා..... 💔☹️

ආදරණීය යුන්ගි ,

මං දන්නවා ඔයා අතට මේක එනකොට මම ගොඩක් දුර ගිහිල්ලා.... නොඑන ගමනක් ගිහින්.... මුළින්ම මට සමාවෙන්න මේ දේවල් හංගගෙන හිටියට. මට සමාව දෙනවා නේ. 🥀 ඔයාට මේ දේවල් කියලා ඔයාගේ ඔලුවට තවත් බරක් දාන්න මට ඕන වුණේ නෑ.... මං මේක ලියන්නේ ඔයා වෙනුවෙන්මයි...
ඔයා හිතන්න එපා මට ඔයාව වටින්නැති නිසා ඔයාව දාලා ගියා කියලා..... මට ඔයාව මේ ලෝකෙ කාටත් වඩා වටිනවා... 😍 ඔයා තමයි මං මේ ලෝකෙ දැකපු එකම හොඳම කෙනා. ඒ ඔයා විතරමයි.
කරපු හැම උදව්වකටම ස්තූතියි....
එදා ඔයා මාව බේර ගත්තා
මට යන්න තැනක් තිබ්බේ නැති නිසා ඔයා මාව එහේ නතර කර ගත්තා.
මාව ගොඩක් සතුටින් තිබ්බා...
ඔයා මගේ තනි කම නැති කළා.
ජීවිත ය ගැන ආසාවක් නැති මට ජීවිතය කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා.
නොහිතපු ආරක්ෂාවක් සෙනෙහසක් ඔයාගෙන් මට ලැබුණා.... ඔයා හිතුවටත් වඩා මාව හොදින් බලා ගත්තා.....
ඔයා ගොඩක් වෙනස් කෙනෙක් කියලා මට දැනුනා.
ජීවිතය කියන්නේ මොකක්ද කියලා ඔයා මට කියලා දුන්නා.
ජීවිත් වෙන්න ආසාවක් නොතිබුණු මට ඔයා ඒ ආසාව ඇති කළා.
පුංචි පුංචි විහිළු කරලා මාව සතුටින් තිබ්බා.
ඔයා සමහර විට Doctors ලා කියන දේ විශ්වාස නොකරයි. ඒත් ඒක තමා ඇත්ත.
ඔව් මම හදවත් රෝගියෙක්. ගොඩ කාලෙක ඉදන්.
මං ඔයා ළඟට ආවාම මගේ ඒ ලෙඩෙ ටික සුවපත් වුණා. මං ඔයාට ඒ දේ කිව්වෙ නෑ. මට ඕන නෑ ඔයා මං හින්දා දුක් විදිනවා බලන්න. ඔයා හැමදාම සතුටින් ඉන්න ඕන මටත් වඩා..
හදවත් රෝගියෙක් ට සතුට කියන දේ ඕනිමයි. මං මෙහෙම හරි ටික කාලයක් ජීවත් වෙන්නේ ඔයා නිසා...
එදා ඔයා සංගීතයට ආසද කියලා ඇහුවාම ආය වාදනය කරන්න කියලා කිව්වම මට ගොඩක් සතුටු හිතුනා... ඔයත් ඒකට කැමති නිසා. මගේ ජීවිතේ ලස්සනම සුන්දරම කාලේ තිබ්බේ ඔයා ළඟ....
ඒත් දැන් මට මගේ ජීවිතේ ගැන විශ්වාසය නෑ. දැන් මම මැරුණත් අවුලක් නෑ.. යුන්ගි ඔයා කරපු හැම උදව්වකටම ස්තූතියි.... ගොඩක් ස්තූතියි... මට කවදාවත් ඔයාව දාලා යන්න ඕන නෑ. ඒත් මේ මගේ දෛවය.

𝚃𝙷𝙴 𝙰𝙽𝙶𝙴𝙻 [ 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽 ] ✔️Where stories live. Discover now