පලමු දිගහැරුම♥️

1.2K 98 13
                                    

I write this story as my hobby. And for fun. Please show my shortcomings🙊

වෙද මහත්තයා.....♥️
උපුටා ගැනීම තහනම්
කෙටි කතාව
පළමු දිගහැරුම

" ආහ් අම්මා මගේ කොණ්ද....අයියෝ...." මම කෙදිරිගාගෙනම කාර් එකෙන් ඉදගනිද්දි අප්පච්චි වාහනේ ඉස්සරහට ගත්තා.

" ඉවසලා ඉන්න ළමයෝ.ඔය වේදනාව ඕනිනම් මාසයක් විදින්න වේවි තව." අම්මා කියුවේ මගේ එහා පැත්තෙන් ඉදගෙන මාව වාරු කරගෙන.

" අක්කා කටවහගෙන යමුකෝ..මළ වදේ..." අපේ මෝඩ මල්ලි කෑගහන්න ගත්තේ සීට් බෙල්ට් දාගන්න ගමන්.අනේ අම්මපා මෙතන මම මැරෙන්න වැටිලා ඉන්නවා.මුගේ හොම්බට දෙකක් අනින්න හිතයි.මරු සහෝදර ප්‍රේමය....

මම යන ගමන් එහා පැත්තේ ශටර් එකට වාරු වෙලා පිටට කොට්ටෙකුත් තියාගෙන වටපිට බල බල ගියා.මම අම්රිතා.
අපි යන්නේ අනුරාධපුරේට.මගේ කොණ්දට සිංහල වෙදකම් කරන්න.මාව ගෙදර පඩිපෙළින් ලිස්සලා වැටුනේ මීට මාස දහයකට කලින්.ඒකෙන් ඇතිවුන කොණ්දේ ඇවිලිල්ල බටහිර වෛද්‍යක්‍රමයට හොද කරන්න බැරි වුනා.මාස පහකින් හින්දුස්ථානී ආයුර්වේදය කළා.මාස තුනක් ප්‍රතිකාර කරපු ඒකෙන් තරමක් හොද වේගෙන ආවත් ඒ ඩොක්ටර්ලාට මටම කැපවෙන්න තරම් වාතාවරණයක් තිබුනේ නෑ.පස්සේ හෙළ වෙදකමට බැස්සා.අප්පච්චිගේ යාලුවෙක් තමයි අනුරාධපුර වෙද මහත්තයාව අදුන්වලා දුන්නේ.අවුලකට තිබ්බේ එයා ගොඩාක් වයසයි.මට මාස දෙකක් යනකන් එයා වෙදකම් කළා.සෑහෙන්න වෙනසක් තිබ්බා.ඇත්තම කියුවොත් වෙනදාට මට හරියට හිටගන්නවත් බෑ ඒත් දැන් ඇවිදින්න පවා පුලුවන් හොදට.ඒත් විටින් විට කොණ්ඩේ ඇවිලිල්ල එනවා.වෙදමහත්තයා හදිසි හෘදයාබාදයකින් නැති වුනාම මගේ ප්‍රතිකාර නැවතුනා.හැබැයි ඊයේ වෙද මහත්තයාලාගේ ගෙදරින් පණිවිඩේ ආවා.ඒ ආච්චි කතා කරලා කියුවේ බෙහෙත් කරගෙන යන්න මාව එක්ක එන්න කියලා.තාත්තා තරම් දක්ශ නැති වුනත් එයාගේ පුතාටත් මේ වෙදකම් හොදට පුලුවන්ලු.

එදා මලගෙදරදිවත් මම ඔය කියන පුතාව දැක්කේ නෑ.කොහෙද ගියා අනෙක් අතට ආවා.හැබැයි අපේ අප්පච්චිගේ වයසේ විතර මනුස්සයෙක් තමයි ආයුබෝවන් කියුවේ.වෙද මහත්තයාගේ පුතා කියුවාම මගේ හිතේ ඇදුනේ ඒ රූපය....කල්පනා කර කර ගියා මම ඉතින් මේ කොණ්දේ ඇවිලිල්ල තරම් එපා වෙන දෙයක් කොහෙවත් නෑ මට.

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelWhere stories live. Discover now