සිව්වන දිගහැරුම♥️

602 69 4
                                    

වෙද මහත්තයා ♥️

" එයා රිලැක්ස් එකේ ඉන්න වෙලාවක මගේ අයිඩියා එක ක්‍රියාත්මක කරන්න ඕනි..." මම හිතුවා.එහෙමම අනික් පැත්ත හැරිලා ඇස් දෙක පියාගත්තේ අපේම ලෝකයක් හිතෙන් මවාගෙන.

අපි බදිනවා එයාගේ ජැගුවර් එකෙන් ඇවිත් බහිනවා...චෑ චෑ මේ යකා ගැමි බව කියලා මාව ගොන් කරත්තෙක හොටෙල් එකට එක්කන් ඒවිද දන්නේ නෑ..අනේ මටනම් බෑ එහෙම වුනොත්...ම්ම් හනිමූන් එක....බ්ලා බ්ලා බ්ලා....හෑයියා මමත්.
ළමයි කොච්චරක් හදනවාද...අනේ කොච්චරක් හැදුවත් මොකෝ එයාගෙනේ....මැවිලා පෙනුනා මට ඒකනම් හොදට මම ලොකු බන්ඩියකුත් උස්සගෙන මේ නපුරාගේ අතේ එල්ලිලා ඉන්න හැටි....අනේ මේවා ඇත්තක් වුනොත්..සතුටට මට පිස්සු හැදෙයි...අනේ කොණ්දක් කඩාගෙන මට වුන හදියක්..මේකගේ අහංකාරකම තමයි පේන්න බැරි.ඇයි යකෝ මෙච්චර හොට් කෙල්ලෙක් වෙලා අඩුම මගේ දිහා විහිලුවටවත් රොමෑන්ටික් ෆීලින් එකේ බලන්නේ නැති හැටි.පුස් පාට් තමයි පේන්න බැරි....දවසක ඔයාම මට වෙදකම කියලා දෙයි මෝඩයාහ්....මම දාහක් විකාර කල්පනා කර කර කොට්ටෙකුත් තුරුල් කරන් නිදාගත්තේ අනේ හෙට දවස පරක්කු වෙලා උදාවෙන්න කියලා හිතන ගමන්.

.........

උදේ නැගිට්ටේ මිසිස් සුමනා එලාම් එක වද්දිදි...

" අනේ සුදු බෝලේ මට කැමතිවෙන්නකෝ...." මම නින්දත් නොනින්දත් අතරේ කියෙව්වා.

" අනේ චූටි නෝනා නැගිටින්නකෝ...කවුද සුදු බෝලේ කියන්නේ...." හත්වලාමේ මාව ඉද්ද ගැහුවා වගේ ඇදේ ඉන්දවුනේ....

" ආහ්...මේ ..මේ...එයා මගේ යාලුවෙක් නැන්දේ..." මම කියුවා.විලි ලැජ්ජාවයි සන්තෝසයි.

" නෝනා විරේඛ බෙහෙත් ලෑස්තියි.මූණ කට හෝදගෙන එන්නකෝ...." එයා කියුවා.

" අනේ...නැන්දේ අද මට බෑ..වෙන දවසක කරමු නැන්දේ...මහත්තයා කියනවා වගේ අගුණ ජාති කෑවේ නෑ නැන්දේ....මගේ බඩේ ජරාව නෑ නැන්දේ....." මම ඇදෙන් බහින්නේ නැතුව නැන්දගේ අතේ එල්ලිලා කෑගැහුවා.

" මොකෝ සද්දේ...." හම්මෝ නපුරා කාමරේට එබිලා සැර කරලා ඇහුවේ.

" අනේ මහත්තයා විරේඛය කරනවාට නෝනා බයවෙලා..." සුමනා නැන්දා කියුවේ මගේ ඔලුවත් අතගාලා.

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelHikayelerin yaşadığı yer. Şimdi keşfedin