තෙවන දිගහැරුම♥️

632 76 1
                                    

වෙද මහත්තයා ♥️
උපුටා ගැනීම තහනම්
පෙර කොටසට 👇

https://www.facebook.com/105097661404020/posts/135451165035336/

තුන්වන දිගහැරුම....

චීස් බෝල වගේ බැබලි බැබලි ඉන්න ලස්සන.

" තමුන් චුට්ටක්වත් පරිස්සන් වෙන්න දන්නේ නැද්ද...මගේ මහන්සියත් අහක යනවා පරිස්සම් නූනොත්..." මම නිකන් රොමෑන්ටික් ෆීලින් එකේ හිටියේ.චැක් මේකා කෑවනේ....අප්පගේ ලෙඩෙක් නේද මමත්...මේ යකා මාව ගානක් නොකරම අතහැරලා කාර් එකට නැගලා ගියා.මට බැන්නේ.... එයානේ ගාල කඩාගත්ත හරකා වගේ මේ පැත්තට ආවේ.අනික මම එච්චර ලං වුනා කියලා මේ යෝධයට ගානක්වත් නෑ.එක්කෝ කාන්තා පාර්ශවයට බෙහෙත් කරලා පුරුදුයි.නැත්තම් ලන්ඩන්වලදි කෙල්ලෝ එක්ක ගැටිලා පුරුදුයි.මම එක තැන ඉදගෙන එයා ගිය දිහා බලන් ඉදිද්දිමයි සුමනා නැන්දට කැස්සක් ආවේ.
හප්පා ඉතින්....

" චූටි නෝනා යමුද ඇතුළට..." නැන්දා කියුවා.

මමත් කල්පනා කර කරම ඇවිත් ඇදේ හාන්සි වුනාම සුමනා නැන්දා ෆෑන් එක දැම්මා.මෙහෙ සාලෙට විතරයි කූලර් තියෙන්නේ.කාමරේට ෆෑන් එක දාන්න ඕනි.අනික් කාමරවල කොහොමද දන්නේ නෑ ඉතින්...සුමනා නැන්දා තෙත ටවල් එකක් මගේ ඇද පත්තෙන් තිබ්බා.

" ඇයි නැන්දේ..." මම ඇහුවා.

" ෆෑන් එකට ඇග වේලෙනවානේ...පුංචි මහත්තයා කියලා තියෙන්නේ ෆෑන් දන්නවානම් තෙත රෙදි කෑල්ලකුත් ලගින් තියාගන්න කියලා." නැන්දා කියුවා.මම ඉතින් ඔලුව වැනුවා විතරයි.මෙයා බදින කෙනාට සෞඛ්‍යාරක්ශිත නීති දාහකට විතර යට වෙලා ඉන්න වෙයි.
බයත් හිතුනා මට....

මට එකපාරටම මතක් වුනේ වත්තේ කෙලවරේ තිබ්බ ලොවි ගහ...හම්මෝ...ඉතින්..කඩලා ලුණුයි මිරිසුයි දාලා සීනී චුට්ටක් දාලා කොටලා ගත්තනම්...කියලා වැඩක් නෑ...ඒත් කොහෙද බෙහෙත් කරනකන් ඇබුල් ජාති බෑලුනේ...

මේ වත්තේ ගොඩක් පලතුරු එලවලු මල් වර්ග තියෙනවා.කාමරංගා වෙරලු අනෝදා අඹ ලොවි ජම්බු රඹුටන් හැමදේම.ඒවා තියෙන්නේ හැබැයි චුට්ටක් එහාට වෙන්න.මේ ලග පාතක පේන්න තියෙන්නේ ලොවි ගහ.ආසාවේ බෑ....යන දවසටනම් ගහම අරගෙන යනවා.

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelWhere stories live. Discover now