නවවන දිගහැරුම♥️

674 70 1
                                    

වෙද මහත්තයා ♥️

දෙවියනේ මට මොනවාද මේ ඇහෙන්නේ....මගේ ඇස් වල කදුලු තවත් අලුත් වුනා.මම හිමීට පිටිපස්ස හැරුනා.අනේ ඒ සුදු මූණ ජම්බු ගෙඩිය වගේ රතු වෙලා.තොලත් හපන් මගේ දිහා බලන් ඉන්නවා.

" මම යනවා මහත්තයා.ගොඩක් පින් මාව සනීප කලාට.එමී එක්ක සතුටින් ඉන්න..." මම එහෙම කියලා ආයෙත් අනික් පැත්තට හැරෙනකොටම....

" එමී මගේ යාලුවෙක් විතරයි අම්‍රිතා...." එයා කියුවා.මම නැවතුනා.පිටිපස්ස හැරුනේ නෑ.

" ඉතින්...." මම ඇහුවේ වෙව්ලන කටහඩින්.

" තමුසෙට මම නැතුව මාව නොදැක ඉන්න පුලුවන්ද...." එයා ආයෙම අහනවා.මම ආයෙත් පිටිපස්සට හැරුනා.එයාත් මමත් ටිකෙන් ටික ලං වුනේ...

" බෑ මහත්තයා...ඔයා නැතුව ඉන්න කොහෙත්ම බෑ..." මම කියුවේ ඉකි ගැහෙද්දි.දෙපාරක් නොහිතම එයා මාව තද කරලා තුරුල් කරගත්තා ඒ පපුවට.මමත් එයාගේ නිරුවත් පපුවට තුරුල් වුනේ ඒ පපුවේ උණුසුම විදගන්න ගමන්.මම අඩ අඩම එයාගේ උරහිස් වටේ මගේ දෑත් යැව්වා.

" මහත්තයා...." මම අඩනවා.

" අම්‍රිතා...ප්ලීස් මට තමුසෙව ඕනි...තමුසෙ නැතුව මාව පිස්සෙක් වේවි...." එයා කියන්නේ වෙව්ලන කටහඩින්.

" මහත්තයා හිර කරගෙන හිටියාද කැමැත්ත...." මම ඇහුවා.

" හ්ම්...හිමීට කියනවා කියලා හිතන් හිටියේ.ඒත් වෙදකම් අස්සේ දැන්ම ඕනි නෑ කියලා හිතුනා..." එයා කියන්නේ මගේ හිස්කෙස් අතරේ ඇගිලිතුඩු ගෙනියන ගමන්.

" ගොඩාක් ආදරෙයි මහත්තයා.අනේ මාව ඈත් කරන්න එපා මහත්තයා...." මම කියුවා.

" ශ්....අඩන්න එපා තමුසේ..." එයා කියුවේ ආදරෙන්.

" අනේ මහත්තයා...මාව අප්පච්චිගෙන් ඉල්ලගන්න...මට වෙන කෙනෙක්ගේ වෙන්න බෑ...මම මහත්තයාගේ...." මම කියුවේ එයාගෙන් මිදිලා ඒ කම්මුල් මගේ දෝතට අරගන්න ගමන්.

" ගොඩාක් ආදරෙයි අම්‍රිතා...ආදරෙයි තමුසෙට...." එයා එහෙම කියලා මගේ නළලේ පළවෙනි කුළුදුල් හාදුව සටහන් කලේ මගේ ආත්මයම සුවපත් කරවලා.

" අප්පච්චිට කියන්න...අප්පච්චිගෙන් ඉල්ලගන්න මාව මහත්තයා....කියනවාද....." මම කියුවා.

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelHikayelerin yaşadığı yer. Şimdi keşfedin