හත්වන දිගහැරුම♥️

578 73 2
                                    

වෙද මහත්තයා ♥️

බැරිම තැන මම කදුලු නවත්තගෙන කොට්ටෙත් තුරුල් කරන් නිදාගත්තා.එයා ආදරේ එමීටනම් මට අන්සතු දෙයකට පෙම්බදින්න බෑනේ.මම නිදාගත්තා.

..................

" දුව...." නින්දත් නොනින්දත් අතරේ මට ඇහුනේ අපේ අම්මගේ කටහඩ.මම අමාරුවෙන් ඇස් ඇරලා බැලුවේ ඇදේ වාඩි වෙන ගමන්.ඇස් රිදෙනවා ඊයේ ඇහැරන් ඉදලා.

" හානේ...අම්මා...මෙහෙ...." මම කියුවා.

" ඔයාට කොහොමද කියලා බලලා යන්න ආවේ." අම්මා කියුවා.ඒත් එක්කමයි අපේ මල්ලිත් කාමරේ ඇතුළට ආවේ.

" හම්මට අක්කා ටිකක් සුදුවෙලානේ...." මල්ලි කියුවේ මගේ කොණ්ඩෙන් ඇදලා...

" ආවු බූරුවා...." මම කියුවේ මල්ලිගේ අත කොනිත්තලා.

" කෝ අම්මා අප්පච්චි..." මම ඇහුවේ දොර රෙද්දත් එහාට කරලා.

" එහාට හදිසි වැඩක්.මල්ලි වාහනේ අරගෙන ආවේ." අම්මා කියුවා.

" දැන් කොහොමද දරුවෝ..." අම්මා ඇහුවා.

" ආච්චියි මහත්තයයි නැන්දයි ගොඩාක් මහන්සි වුනා අම්මා...දැන්නම් මට හොදට දණහිස් නවන්න කරන්න.උදව්වක් නැතුව ඇවිදින්න පුලුවන්..." මම කියුවා.අම්මට ගොඩක් සතුටුයි.

" අම්මා මම මූණ හෝදගෙන එන්නම්...සාලෙට යමු..." මම කියුවා.මම මූණ කට හෝදගෙන ඇවිත් සාලෙට එනකොට සාලේ දොරින් එළිය බැලුවේ.හප්පා අපේ මල්ලි කාරයයි වෙද පප්පයි බර කතාවක් හිනාවෙවී.අර වෙදාගෙත් ඔක්කොම පුස් පාට් මට විතරයි.

අම්මලා ගෙනාපු බඩු ටික කුස්සියට ගෙනිහින් තියලා අම්මා ආච්චිට කතා කළා.

" අපේ දූ ගෙන් හරි වදෝ ඇති නේද..." අම්මා ඇහුවා.ඒත් එක්කමයි අපේ මලයයි වෙදයි ඇතුළට ආවේ.හප්පා වෙදා ඇදන් හිටියේ කොට ශෝටක් විතරයි.සික්ස් පැක්ස්...හම්මෝ ඉතින්...මම තොලත් හපන් අහක බලාගත්තා.

" ආහ් පුතා...කොහොමද ඉතින්...අනේ අවුලක් නෑ නේද අපේ කෙලීගෙන්..." අම්මා ඇහුවේ පුටුවෙන් නැගිටලා.

" අ...හ්...නෑ..නැන්දේ නෑ...අවුලක් නෑ..." එයා කියුවේ කටපුරා හිනාවෙලා අම්මා එක්ක.

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelWhere stories live. Discover now