අවසාන දිගහැරුම♥️

872 91 28
                                    

වෙද මහත්තයා ♥️

අපි කට්ටියම කොළඹ එන්න පිටත් වුනා.ඊටකලින් අපි ගියේ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වදින්න.බෝධීන් වහන්සේ වැදපුදාගෙන ඉවරවෙලා කලා වැවේ සිරිත් නරඹලා අපි කොළව එන්න පිටත් වුනා.

හැමතිස්සෙම ප්‍රාර්ථනා කලේ එකම දෙයයි.අලුතින් පටන් ගන්න හදන අපි දෙන්නාගේ ජීවිතේට බාධක එන්න එපා කියලා.පැය කිහිපයක ගමනකින් පස්සේ අපි ආවේ කොළඹට.

හම්මෝ....අපේ ගෙදර දැක්කේ කොච්චර කාලෙකින්ද.අම්මා අපේ ඉස්සරහට ආවේ හිනාවෙලා.
එයා වාහනේ වත්ත ඇතුළට දැම්මාම අපි බැහැලා ගියා.

සුමනා නැන්දයි මගේ අලුත් අම්මියයි ගෙනාපු බඩු අම්මගේ අතට දීලා ගෙට ඇතුල් වුනේ.මම එයාලා එක්කම සාලේ සැටියෙන් වාඩිවුනා.

" ආහ් කොහොමද දෙව්‍රම් පුතා..." අපේ අප්පච්චි ආවේ බැනියමකුත් ඩාගන්න ගමන්.මහත්තයා නැගිටලා අප්පච්චිට අතට අත දුන්නා.
අපේ මලයත් කට්ටිය එක්කම බර කතාව ඉතින්.ඔය ඉන්නේ මගේ ගැන ඇදයක් කියයිදෝ කියලා විමසිල්ලෙන්.ඒක අල්ලගෙන දගලන්න පුලුවන්නේ ඊටපස්සේ.

මම මහත්තයාට බල කළා අද නැවතිලා හෙට යන්න කියලා...කොහෙද අද රෑම යන්න ඕනි කියන පොරොන්දුව උඩයි ආවේ.ගෙදර කවුරුත් නැති නිසා එයාලා ඉක්මනට යන්න ඕනිලු.ආච්චිලා බාත්‍රූම් ගිහින් මූණ කට සෝදගෙන ආවම මමත් අරයා එක්ක මගේ කාමරේට ගියා.එයා මූණ අතපය සෝදගෙන ඇවිත් මගේ ටවල් එකෙන්ම පිහදාලා මගේ ඇද උඩ වාඩි වෙලා මාව ඇදලා ගත්තේ ඒ පපුවට.

මම ටික වෙලාවක් එහෙමම හිටියා.

" හරි ශෝයි අනේ ඔයා..." මම කියුවේ එයාගේ තුරුලෙන් මෑත් වෙලා.මම ෆෑන් එක දාලා ගිහින් මූණත් හෝදගෙන ආපහු ආවේ එයාගේ ලගට.

එයා ෆෝන් එක ඔබ ඔබ හිටියේ.මම එයාගේ දිහා ටිකක් සරාගී බැල්මක් දැම්මා වෙදා කොරවෙලාම යන්න.එයාගේ මුළු මූණම රතුවුනා.

" මොකද තමුසේ ඔහොම බලන්නේ..." එයා කියුවේ අහක බලන්.හානේ නපුරුබෝලේ ඔයාට හරියට ලැජ්ජ හිතෙනවානේ.

" මහත්තයා මම කියුවානේ මම ටිකක් දගයි කියලා...." මම කියුවේ එයාගේ බෙල්ල වටේ දෑත් පටලලා.
එයා මගේ දිහා මොකක්ද අහන්න වගේ බැලුවේ.මම එයාව ඇදේ පෙරළලා එයාගේ එහා පැත්තෙන් අත තියලා එයාගේ බෙල්ල ලාවට හැපුවා.ටික වෙලාවක් එයාගේ මූණ දිහා බලන් ඉදලා නළලට හාදුවක් තියනවාත් එක්කම...එයා හැරිලා මාව අනෙක් පැත්ත පෙරළගත්තා.

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelOnde histórias criam vida. Descubra agora