හයවන දිගහැරුම♥️

608 68 2
                                    

වෙද මහත්තයා ♥️

දවසම මගේ ට්‍රීට්මන්ට් වුනේ නෑ...දන්නවා එයා අවුලෙන් ඉන්න හේතුව.එයාට ලැජ්ජ ඇති එහෙම හැසිරුන එකට.මොනාවුනත් එයාගේ හිතේ මගේ ගැන කලු පැල්ලමක් ඇති වෙලා ඉවරයි.මම දොර ලගින් මෑත් වෙලා කාමරේ ඇතුළට ආවා.එයා තවත් මට ප්‍රතිකාර කරාවිද...කොට්ටෙත් තුරුල් කරගෙන එහෙම හිතුවා.

" නැන්දේ...." ඔන්න මට ඇහෙනවා මහත්තයා පඩි බැහැගෙන එනවා.

" පුංචි මහත්තයා...."

" නැන්දේ අම්‍රිතාගේ කොණ්දේ මේක ගාන්න...සතියකින් එයාට ගෙදර යන්න පුලුවන් වෙයි." දෙවරම් එසේ කියමින් සුමනාගේ අත තැබුවේ කුප්පියක්.

" හත් දෙයියනේ පුංචි මහත්තයා...මේ අන්තිම මොණර තෙල් ටික නේද...මේක ලොකු මහත්තයා පරිස්සම් කලේ කවදාවත් ඇවිදින්න බැරුව කකුල් අත පය පණ නැතුව රෝද පුටුවල ඉන්න මිනිස්සුන්ට ගාන්න දෙන්න නේද.කලිනුත් එහෙමනේ කලේ...කීයක් අබ්බගාත මිනිස්සුන්ව මේකෙන් නැගිට්ටවලා තිබ්බද...අපේ පුංචි නෝනා ඒවගේ ලොකු අමාරුවක් තිගෙන කෙනෙක් නෙවෙයිනේ..." නැන්දා කියාගෙන ගියා.අහලා තිබුණා මමත් මොණර තෙල් වලට ඒ වගේම පිඹුරු තෙල් වලට ලොකු බලයක් තියෙනවා කියලා.  හෙළ සංධි වෙදකම ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්න තෙලක්ලු මේ.මට ඒ හැටි ලෙඩක් නෑ...මෙයා මාව අල්ලන්න බැරි නිසා තමයි මේ තෙල් එක ගාන්න කියන්නේ.මට ගොඩක් දුක හිතුනා.

" ඕක එයාට දෙන්න නැන්දේ අවුලක් නෑ..." මහත්තයා කියුවා.

" හරි පුංචි මහත්තයා මම ගාලා අතගානම්...."නැන්දා කියුවා.මහත්තයා ආයෙත් උඩට ගිය සද්දයක් ඇහුණා.නැන්දා ඒත් එක්කමයි මගේ කාමරේට ආවේ.

" ගොඩක් පරණ තෙලක් මේක..." නැන්දා කියුවේ කුප්පිය පෙන්නලා.පරණ වගේම ගොඩක් පරිස්සම් කරපු එකක් අමාරු ලෙඩ්ඩු වෙනුවෙන්.ඒක දැක්කාම පේනවා.අසාධාරණයක් මේක මම පාවිච්චි කරන එක.ඇරත් හරිම චූටි කුප්පියක් ඒක.අපරාදේ මම වෙනුවෙන් මේ දේ කරන්නේ.

" නැන්දේ මට ඕක එපා..." මම කියුවා.

" බැනුම් අහන්න වේවි මහත්තයාගෙන් නෝනා..." නැන්දා කියුවේ බයෙන් හිමීට.

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelWhere stories live. Discover now