අටවන දිගහැරුම♥️

679 75 1
                                    

වෙද මහත්තයා ♥️

මම දුවලා ගිහින් සාලේ දොර ඇරියා.

" හෙට පන්සලේ දවල් දානේ බාරගත්තා...දූට හෙට දානේ බත් කන්න පුලුවන්..." ආච්චි කියුවේ හිනාවෙලා....

" ආවු ඩඩා......." මගේ හිත මොරදුන්නා.

" හෙට මහත්තයා එක්ක මාකට් එකට යනවාද ලොකු නෝනා..." සුමනා නැන්දා ඇහුවා.

" ඔවු හෙට උදේම ගිහින් එමු..." ආච්චි කියුවා.දෙන්නම මට නිදාගන්න කියලා ගියේ කුස්සියට.හෙට දානෙට ඕනි කරන බඩු ලිස්ට් එක හදන්න.මම එහෙමම ඇදට ආවේ ෆෝන් එකත් ඔඩොක්කුවට අරගෙන.
මල්ලිගෙන් වීඩියෝ කෝල් එකක්.

" අඩෝ අක්කා....මේහ්..." අපේ මල්ලි පිට්සා කෑලක් තියාගෙන කනවා.මට පෙන්න පෙන්න.කෙල ගිලුනා ඉතින්.

" පාට හතින් බඩ පලයන් තොට...." මම කියුවා.

" ම්ම්....කෙචප් ටිකක් ඕනිද..." මල්ලි අහන්වා.

" නෑ එපා..." මම කියුවේ ඌට ඔරවලා.

" මේ අක්කා....තමුසෙට අප්පච්චි මනමාලයෙක් බලනවානේ....හැබැයි එක දෙයක් කියන්නම්.මේ මල්ලිට සද්ද දාන මස්සිනාලව තෝරගන්න බෑ හරි...." මල්ලි කියුවා.

" මල්ලි...ඇත්තටම අප්පච්චි මාව කාටහරි බලෙන් බන්දයිද..." මම ඇහුවා.

" තමුසේ දගලන්නේ නැතුව ඉන්නවා ඕයි.එහෙම වුනොත් මම තමුසෙට හෙල්ප් කරන්නම්...හැබැයි කොන්දේසි උඩ...." මේකා යකූ.

" ආහ් දැන් මොකක්ද උබේ කොන්දේසිය.." මම ඇහුවා.

" මේ මමත් හොයාගත්තා සූටි සෝස බෝලයක්...අනේ කවදාහරි මට උදව් කරපන් ඈහ්..." යකෝ...මූ මගේ නෑනව දැන්ම හොයාගෙන.ශුවර් එකට පොඩි කෙල්ලෙක් වෙන්න ඇති.

" දැන්ම ගෙදෙට්ට කියන්න එපාද...." මම ඇහුවා.

" පිස්සුද ඔයි දැන්ම බෑ.ඒකිට වයස දාහතයි තාම." අපේ මල්ලි කියනවා.

" හා හා ෆොටෝ එකක් එවපන්කෝ....මගේ නෑනව බලන්න..." මම එහෙම කියලා කට් කළා.මල්ලි ෆොටෝ එකක් එවුවා.

අප්පා හරි චූටි කෙල්ලෙක්නේ.ඒත් ලස්සනයි.මල්ලි මේ ලස්සනට තමයි ආස කරන්න ඇත්තේ.

හරි හරි දැන් ඔයාට මම කියන කියන කෑම ජාති එහෙම ඔයාගේ වියදමින් ඇරන් දෙන්න වෙනවා මල්ලී.මගේ ලග ෆොටෝ එක.නැත්තම් ගෙදරට පෙන්නනව.ඔය තියෙන්නේ බ්ලැක් මේල් කරන්න කරුණක්.මම තමයි මම.මගේ ටිකිරි මොළේ......

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelWhere stories live. Discover now