පස්වන දිගහැරුම♥️

718 78 1
                                    

වෙද මහත්තයා ♥️

හම්මෝ වත්තේ ලස්සන කියලා නිම කරන්න බෑ..දොළ පහර ලගට ගියා විතරයි.මට උන් හිටි තැන් අමතක වුනා...නිල් කැටේ වගේ කඩාහැලෙන වතුර තියෙන ඇල්ලක් එක්ක දොළ පහර.පුදුම ලස්සනක්....මම දොළට බහින්න ගියේ.ඇන්ටි මගේ අතින් අල්ලගත්තා.

" අර...." ඇන්ටි එහෙම කියලා පෙන්නපු පැත්ත මමත් බැලුවා.

" හම්මට.....වෙදා ගලක් උඩ පතබෑවිලා....මේ හෝන්තුව ඉන්නැද්දි මම නාන්නේ කොහොමද..." මට හිතුනා.

" නෝනා නාගන්න එහාට වෙන්න ගස් වලින් වහන් වෙලා තියෙන අන්න අර හරියේ.ඒ හරියේ ටිකක් වතුර ගැඹුරුයි.ගැඹුරුයි කියන්නේ පපුව මට්ටමට පැහැදිලි වතුර...අපිටනම් ඒ හැටි ගානක් නෑ.ඒත් නෝනාට පුරුදු නෑනේ..." නැන්දා කියුවා.

" මම එතන නාන්නම් නැන්දේ..මම බය නෑ අයියෝ ගිලිලා මැරෙන තරමේ වතුර නෑනේ...." මම කියුවා.

" කෝකටත් නෝනා අර ගස් වලින් වහන් වෙච්ච අන්න අර හරියේ නන්න.මම දර කඩන්න ටිකක් ඇතුළට යනවා.නෝනාගේ බෙහෙත් තම්බන්න ඇපෑය.ඔය ගල් අස්සෙන් එහාට යනවා නෙවෙයි...සමහර තැන් වල වතුර බොර පාටයි...දිය නයි ඉන්න පුලුවන්.ලූලෙක් වගේ හිටියොත් විදීවි...." නැන්දා කියුවා.

" අයියෝ නැන්දා යන්න.බය වෙන්න එපා..." මම වීරයා වගේ කියුවා.දියනයි ඉන්නවා කියලා කියුවාම බය නොහිතුනාම නෙවෙයි.මේ අම්‍රිතා කියන්නේ චණ්ඩියෙක්.මොකෙක්ටවත් බය නෑ...දියනයා ලූලා තියා කිඹුලෙක්ටවත් බෑ මාව අල්ලන්න.හොද වෙලාවට මේකේ කිඹුලෝ නෑ ඉතින්.නැන්දා ගියාම මම හිමීට වතුරට බැස්සා බාල්දියත් එගොඩින් තියලා.ගස්වලින් වට වෙලා තැන පොඩි පොකුනක් වගේ....හප්පා එතනනම් ගැඹුරුයි පුතේ ටිකක්...ඒ මදිවට පාසි...චූටි චූටි මාලුවෝ ඉන්නවා.හරි ශෝයි...ශිට් ෆෝන් එක ගෙනාවේ නෑනේ.අපේ මල්ලි දැක්කනම් මෑනුත් කොණ්දේ අමාරුවක් හදන් මෙහෙට ඒවි.

කෑගහලා සින්දුවක් කියන්නත් හිතයි කොහෙද අර යකා අවුව තපිනවානේ නිකන් මොකාද එකා වගේ.හරිනේ ලන්ඩන් වල ඉදලා බීච් අයිනේ අවුව තපින්න ඇති සුද්දොත් එක්ක.ඒ පුරුද්දට මෙහෙත් ඒ වැඩේ කරනවා ඇති.අනුරාධපුරේ කොහෙද බීච්.

The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala NovelOnde histórias criam vida. Descubra agora