Chapter 09

485 150 26
                                    




Jin's pov

අන්තිමටම මම සේජින් හ්යුන්ග් දිහා බැලුවේ එයා දිහා බලන්න මම බය උන හන්දා. ඒ මූනේ තිබ්බේ ලොකු කේන්තියක්. .... කවදාවත් දැක්කේ නැති කේන්තියක් සේජින් හ්යුන්ග් ගේ මූනේ තිබ්බා.

"ඔයාට ඔච්චර මොලයක් තිබ්බේ නැද්ද ජින්? ඔයා මේ බෑන්ඩ් එකේ වැඩිමල්ම කෙනා වෙලත් කොහොමද මේ වගේ දෙයක් වෙනකන් නිකන් හිටියේ. මාස 6කටත් වඩා අගේට හිටියා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව. අන්තිම එක... අන්තිම එකත් ඉවර වෙලා යන්න ඔන්න මෙන්න ඉන්නකොට ඔක්කොම කාගත්තා. මම දැන් මොනවද කියන්නේ ඇහුවම ? අනික කම්පනි රූල්ස් ඔයාලට දවසින් දවස මතක් කරලා දෙන්න ඕනෙද?  ෆෑන් මීටින් එකකදි ඇරුනම ඔයාලට තනියෙන් ඔටෝග්‍රාෆ් දෙන්න බෑ. අඩුම තරමේ හත් දෙනාම එකට ඉන්නකොටවත් දුන්නා නම් කමක් නෑ. ඒකත් මේ ඔයාලා දෙන්නා හොටෙල් රූම් එකක ඉන්නකොට... ඔයත් පොඩි කෙනෙක් වගේ හැසිරෙනකොට මම කොහොමද අනිත් අයට බනින්නේ? "

මම සේජින් හ්යුන්ග්ගෙන් බැනුම් අහන ගමන් ජන්ග්කුක්ගේ ඔලුව අත ගගා හිටියා. සේජින් හ්යුන්ග් කියන දේ ඇත්ත තමයි. මම  හිතලා වැඩ කරන්න තිබ්බා.

"ඔලුව අත ගගා ඉන්නේ, ඔය මනුස්සයව නැගිට්ටවනවා. එයාටත් එක්ක මම මේ කියන්නේ."

"පව් හ්යුන්ග් ඊයේ රෑ එයා හරියට නිදාගත්තේ නෑ. නිදාගන්න දෙන්න. "

"ඇයි රෑ එලිවෙනකන් දෙන්නා මොනවද කරේ?"

මම කියපු කතාවේ මෝඩකම තේරුනේ යුන්ගි මගෙන් අහපු ප්‍රශ්නෙට. මම මොනවා කියන්නද? ඒත් ෆිල්ම් බැලුවා කියන්නේ නරක දෙයක් නෙවෙයිනේ. ඔව්. අපි ෆිල්ම් බැලුවේ. මම ටේහ්යුන්ග් දිහා බැලුවේ එයා මගේ දිහා බලන් ඉන්නවා කියලා තේරුන හන්දා.

මගෙයි එයාගෙයි ඇස් එකට යාවුන ගමන්ම එයා නැගිටිලා යන්න ගියා.

"ටේහ්යුන්ග් කොහෙද යන්නේ?"

"මගේ රූම් එකට , ඇයි?"

නම්ජූන්ට ටේහ්යුන්ග් එහෙම කතා කරයි කියලා මම හිතුවේ නෑ. මට ටේහ්යුන්හ්ට නැගිටලා ඔලුව හිල් වෙන්න එකක් දෙන්න ඕනේ උනත් මෙතන මගේ වැරැද්දකුත් තියන හන්දා මම මොකුත් නොකියා හිටියා.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now