Chapter 13

410 142 24
                                    

Jin's POV

පීඩී නිම් ගෙදරින් ඇවිල්ලා කියලා කිව්ව ගමන් මම විසිටින් රූම් ගියේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා මට කවුරුත් කිව්වෙ නැති හන්දා. ඒත් ඇතුලට යනකොට තිබ්බ රෝසපාට ජැකට් එක මට තේරුම් කරා ඒ ඇවිත් තිබ්බේ ඔම්මා කියලා.

මම  ඔම්මා ලගට ගිහින් ඉක්මනට ඔම්මාව බදාගත්තේ මට පහු ගිය මාස ගානක්ම ඔම්මාව ගොඩක් මතක් උන හන්දා.

" ඔම්මා... අයි මිස් යූ.."

"මිස් යූ ටූ ජිනී. "

මම ඔම්මා එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා. හ්යුන්ග් ගැන....හ්යුන්ගේ නූනා ගැන.....  අලුතෙන් එන බබාගේ තත්වේ ගැන..... අප්පා ගැනත් මම කතා කරන්න අමතක කරේ නෑ.

ඔම්මා එක්ක කතා කර කර ඉන්නකොට මගේ ඔලුවේ මෙච්චර දවස් තිබ්බ දුක ටිකක් නැති වෙලා ගියා. මට ඒවා ගැන හිතනවට වඩා ඔම්මා එක්ක ඉන්න එක ගොඩක් වැදගත් උනා. ඔම්මා යන්න හදනකොට මම ඔම්මාව නැවැත්තුවේ ආයේ ඔම්මා එන දවසක් මම වත් දන්නේ නැති හන්ද.

"මම ආයේ ඉක්මනට එන්නම් ජිනී."

"ආයේ අවුරුද්දකට පස්සේ?  හරියට මේ පාර හරියටම අවුරුද්දයි දවස් 2කට පස්සේ ඔම්මා ආවා වගේ මේ පාරත් ගිහින් අවුරුද්දකට පස්සේ එන්නද හදන්නේ   ඔම්මා? "

මගේ ප්‍රශ්න වලට ඔම්මාට දෙන්න උත්තර නෑ  . ඔම්මා මට මොකුත් නොකියා මගේ නලලට පොඩි කිස් එක්ක දීලා නැගිටලා යන්න ගියා. ඔම්මා  යන දිහා බලාගෙන මම විසිටින් රූම් එකෙම වාඩි උනේ මට ආයේ ඒ  ප්‍රශ්න ගොඩට යන්න ඕනේ නැති නිසා



~ප්‍රශ්න.

~මම ආසම නැති දේ ප්‍රශ්න.

විසිටින් රූම් එකේ සෝෆා එකට වැටිලා මම ඔහේ වෙලාව යනකන් ඒකට වෙලා හිටියා. මම දන්නවා උඩට ගියොත් ජන්ග්කුක්, ටේහ්යුන්ග් ගෙන් මට බේරෙන්න වෙන්නේ නෑ කියලා. ඒ හන්දා මම මෙතනට වෙලා ඉන්නවා කියලා හිතා ගත්තා.

ඒත් උනේ මට හොදටම නින්ද ගිය එක.පැය කීයක් ගියාට පස්සෙද දන්නේ නෑ සේජින් හ්යුන්ග් ඇවිල්ලා මගෙ අතින් ඇදලා නැගිටුවනකන් මම හොදටම නිදාගෙන හිටියේ  ඇස් ඇරලා ටික වෙලාවක් ගියාට පස්සේ යන්තම් තේරුනා මම ඉන්නේ විසිටින් රූම් එකේ කියලා.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now