Chapter 24

389 143 17
                                    

එක පාරටම ජන්ග්කුක්ගේ රූම් එකෙන් ඇහුන වීදුරු බිදෙන සද්දේ හන්දා මම අනිත් අතට එහෙට දුවගෙන ගියේ ජන්ග්කුක්ට මොකක් හරි කරදරයක් කියලා හිතාගෙන. ඇතුලෙන් ලොක් කරලා තිබ්බ දොරට මම කීවතවක් තට්ටු කරාද කියලා මමවත් දන්නේ නෑ  ඒත් එයා දොර ඇරියෙම නෑ

"ජන්ග්කුක්."

"දොර අරින්න...."

"ජන්ග්කුක්".

"ඔයා මොනවද කරන්නේ "

"දොර අරින්න."

ඇතුලෙන් එක එක  සද්ද වල හැටියට මම බය උනේ ජන්ග්කුක්ට මොකක්ම්හරි ලොකු කරදරයක්වත්ද කියලා. ඒත් එන්න එන්න සද්දේ වැඩි වෙනකොට මට තේරුනා එයා බඩු මුට්ටු පොලොවේ ගහනවා කියලා. මම නවත්තන්නෙ නැතුවම දොරට ගැහුවේ ඊලගට වෙන්න යන දේවල් ගැන ඉගියක් නැතුව.

ටික වෙලාවක් දොරට ගගහා ඉන්නකොට ජන්ග්කුක් දොර ඇරියා. දොර ඇරපු වේගෙට දොර ගිහින් බිත්තියේ වදිනකොට මාව ගැස්සුනේ කවදාවත් නැති තරහක් කේන්තියක් මම ජන්ග්කුක්ගේ මූණේ දැක්ක හන්දා.

මම රූම්  එක ඇතුලට ඇවිදගෙන ගියාට පස්සේ මම දැක්කා බිම තැන් තැන් වල බඩු පොලොවේ ගහලා තියනවා. එයාගේ ආසම දේවල් උනත් බිම කැඩිලා   බිදිලා තියනකොට මට තේරුනා එයා ඉන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්නෙක කියලා. බිම තිබ්බ අපි හත් දෙනාගේ ෆොටෝ එක අහුලලා කබඩ් එකෙන් තිබ්බ මම ජන්ග්කුක් දිහා හැරුනේ එයා ලොකු ප්‍රශ්නෙක නම් එයාගෙන් ඒ ගැන අහලා එයාට දෙන්න පුලුවන් විසදුමක් දෙනවා කියලා හිතාගෙන.

ඒත් එක පාරටම ජන්ග්කුක් මාව ලගම තිබ්බ බිත්තියට තල්ලු කරලා මගේ මූණ ලගට එබුනම මම බය උනේ  එයාගේ ඇස් වල කේන්තියට වඩා දෙයක් මම දැක්ක හන්දා.  එකම එක දෙයක් ගැන එක පාරටම මගේ හිතට බයක් ආවත් මගේ හිත අනිත් අතට මට කිව්වා මම හිතන දේ වෙන්නේ නෑ කියලා.

ඒත් මගේ හිත වැරදියි.

එයා මාව කිස් කරා

ජන්ග්කුක්ව තල්ලු කරන්න හැදුවත් එයා මාව බිත්තියටම තද කරලා තියාගත්ත හන්දා  මට එයාව හොලවන්නවත් බැරි උනා. එක පාරටම උන දේ මම බලාපොරොත්තු උන දෙයක් නෙවේ හන්දද මන්දා මගේ ඇස් වලින් නොනවත්වා කදුලු වැටෙන්න පටන් ගත්තේ මට මගේ ගැන ලොකු කලකිරීමක් එනකොට.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now