Chapter 54

330 117 83
                                    

Jin's pov


"හ්‍යුන්ග්ගේ ගෙදරින් අකමැති උනොත් මොකද කරන්නේ හ්‍යුන්ග්?"

මම මෙච්චර වෙලා කුකීගේ මූණ දිහා බලාහෙන හිටියත් මම එයාගේ මූනෙන් මගේ ඇස් අහකට අරගෙන පාර දිහා බලාගත්තා. කුකීගේ අතින් මගේ අත අරගෙන මම මගේ අත් දෙකම බැදගෙන එයාට දෙන්න ඕනේ උත්තරේ කල්පනා කරා.

මගේ ගෙදරින් මගෙයි කුකීගෙයි එෆයා එකට අකමැති වෙනවා කියන එක මට හොදටම විශ්වාස උනත් එහෙම වෙලාවක මම කරන දේ මොකක් වෙයිද කියන එක මගේ හිතට උත්තරයක් නැති ප්‍රශ්නයක් උනා.

"මට... මට ගෙදර අයට ද්‍රෝහි වෙන්න බෑ කුකී!!!"

කුකී එක පාරටම වාහනේ බ්‍ර්‍රෙක් කරපු නිසා ශීට් බෙල්ට් එක තිබ්බත් මාව ඉස්සරහට උනා. මම එයා දිහා බැලුවම මම දැක්කේ මගේ දිහා බලාගෙන ඉන්න හැගීම මොකක්ද කියලා තේරුම් ගන්න බැරි කුකීව.
කු-

පිටිපස්සෙන් වාහන හෝන් කරන සද්දේ ඇහුනම කුකී ගැස්සිලා ඉස්සරහා බලාගෙන වාහනේ පාර අයිනට කරලා නැවත්තුවා. එයා මගේ දිහා බලාගෙන හිටපු විදිහට මට එයාට තවත් බොරු කරන්නඕනේ උනේ නැ. එයාට ඇත්ත කියන්න ඕනේ උනත් මම කියන්න ඕනේ ඇත්ත මොකක්ද කියලා මටවත් හිතාගන්න බැරි වෙනකොට එයා මගේ කකුලෙන් එයාගේ අත තියලා කතා කරා.

"ඔම්මා එදා කිව්වා අපි දෙන්නව එකතු කරනවා කියලා හ්‍යුන්ග්. මට ඒ හන්දා බයක් නෑ. "

කුකී මගේ දිහා හිනා වෙලා කියනකොට මම එයා දිහාම බලාගෙන හිටියා. ඒත් මගේ මූණේ හිනාවක් තිබ්බේ නෑ කියලා මට හොදටම විශ්වාස වෙනකොට එයා ආයේ වාහනේ අරගෙන ඔම්මා කුකී එක්ක කතා කරපු දේවල් මාත් එක්ක කිය කිය යන්න ගියා.

"මට හ්‍යුන්ග්ව තරමටම ඔම්මව විශ්වාසයි. ඔම්මා එක්ක මම කතා කර කර ඉන්නකොට ඔම්මා හ්‍යුන්ග්ගේ පොඩි කාලේ ගැන කිව්වා. "

"මොනවද ඔම්මා කිව්වේ"

"හ්‍යුන්ග් පොඩි කාලේ ළමයෙක්ගෙන් ගුටි කාලා අන්තිමට හ්‍යුන්ග්ගේ නහයට වෙනම ඔපරේශ්න් එකක් කරන්න උනාලු. මට නිකන් මැවිලා පේනවා නහය ඇද උන හ්‍යුන්ග්ව "

කුකී හිනා වෙවී එක එක දේවල් කියව කියව යනකොට මම මොකුත්ම නොකියා, මොනවත්ම නොකියා එයා දිහා බලාගෙන හිටියා. කුකී හරිම ලස්සනයි. මේ පොඩි කාලෙට එයා ගොඩක් වෙනස් වෙලා කියලා මට අද තේරෙනකොට මම දැනට අවුරුදු ගානකට කලින් දැකපු කුකීව මතක් කරගත්තා. එදා එයා මට පොඩි ලමයෙක් වගේ පෙනුනේ.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedDonde viven las historias. Descúbrelo ahora