Chapter 35

414 137 30
                                    

Jin's POV

මම මගේ හිත එක්ක කතා කර කර ඉන්නකොට යුන්ගි මාත් එක්ක කතා කරා 

"හ්යුන්ග්ට ටේහ්යුන් ගෙනුයි ජන්ග්කුක්ගෙනුයි කෙනෙක් තෝරගන්න උනොත් හ්යුන්ග් කාවද තෝරගන්නේ ? "

යුන්ගි එක පාරටම අහපු දේ මට තේරුනේ නැති හන්දා මම ආයෙමත් එයාගෙන් ඒ ගැන ඇහුවා.

"ඔයා මොකක්ද කිව්වේ?...."

"හ්යුන්ග්ට මොකක් හරි හේතුවක් හන්දා ටේහ්යුන් ගෙනුයි , ජන්ග්කුක්ගෙනුයි කෙනෙක්ව තෝරගන්න උනොත් හ්යුන්ග් කාවද තෝරගන්නේ?"

යුන්ගි අහපු ප්‍රශ්නේ මට තාමත් තේරුම් ගන්න බැරි උනා. ඇයි මම ඒ දෙන්නගෙන් කෙනෙක් තෝරගන්න ඕනේ , ඒක මොන වගේ හේතුවක් වෙන්න පුලුවන්ද කියලා හිත හිත ඉන්න අතරේ මම යුන්ගිට මගේ හිතේ තිබ්බ අවංක උත්තර දුන්නා.

"මම දන්නේ නෑ යුන්ගි ඔයා මොන අදහසකින්  එහෙම දෙයක් ඇහුවද කියලා.  ඒත් මට ජන්ග්කුක්ගෙන්වත් ටේහ්යුන්ගෙන්වත් කෙනෙක්ව තෝරගන්න බෑ.  ඒ දෙන්නම එක වගේ. මට ඒ දෙන්නම එක සමානයි. ඒ දෙන්නා විතරක් නෙවෙයි. ඔයා, ජිමින්, නම්ජූන්, හොබී .... ඔයාලා අතරිනුත් මට තේරිමක් නෑ. ඔයාලා හැමෝම මට එක වගේ.  ඔයා නිකන් අහපු දේ තාත්තා කෙනෙක්ගෙන් මොන ළමයටද වැඩිපුරම ආදරේ වගේ ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නෙකට මට උත්තර දෙන්න අමාරුයි. අමාරුයි නෙවෙයි. මට ඒ වගේ ප්‍රශ්නයකට උත්තරයක් නෑ. "

යුන්ගි මම උත්තර දෙනකොට මගේ ඇස් දිහාම බලන් හිටියා. මටත් මම කිව්ව දේවල් මොනවද කියලා තේරුම් යන්නෙ නැති වෙලාවේ යුන්ගි මගේ උරහිසෙන් එයාගේ අත ගත්තා.

"හ්යුන්ග් දුන්නේ මට ඕනේ උත්තරේ නෙවෙයි. ඒත් මම ඒ උත්තරේට වඩා දෙයක් තේරුම් ගත්තා.  ~ඔයා මේ ලෝකෙට හොද වැඩියි හ්යුන්ග්."

එහෙම කියලා යුන්ගි පුටුවෙම තල්ලු වෙලා එයාගේ ටේබ්ල් එක ලගට ගියා. ගිහිම් එයාගේ වැඩ පටන් ගන්නකොට මම ආයේ කල්පනා කරා එයා අහපු ප්‍රශ්නේ ගැන. ඇත්තටම මට මේ කවුරුත් අතරින් තේරිමක් කරන්න බෑ

මම ආයේ ඇදට වැටිලා ඇස් වහගත්තේ මට ටිකක් නින්ද යන්න කියලා හිතාගෙන. ඊයේ රෑත් කුකී එක්ක ෆිල්ම්ස් බලල මට හරියට නින්දක් තිබ්බේ නැති හන්දා මගේ ඇගම නිදිමතේ තිබ්බේ.  ඇස් වහගෙන මගෙයි කුකීගෙයි ලස්සන මොහොතවල් මතක් කරනකොට ඉක්මනටම නින්ද මගේ ලගට ආවා.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now