Chapter 34

364 142 20
                                    

Jin's POV

"අයි ලව් යූ හ්යුන්ගී "

"ලව් යූ ටූ. දැන් යන් එලියට. කවුරු හරි එයි නැත්තන් අපිව හොයන්න. "

මම එහෙම කියලා කුකීගේ අතින් අල්ලගෙන ඇදෙන් නැගිටින්න හදනකොට දොර ලග ඉන්න කෙනා දැකලා මාව එක තැන නතර උනේ මගේ හිතට ලොකු බයක් ඇති කරන ගමන්.

හොබී දොර ලග ඉදන් අපි දිහා පුදුමයෙන් බලන් ඉන්නකොට මට ලොකු බයක් ඇති උනා.

මම කුකීගේ අත තදින් අල්ලගන්නකොට මම හිතන්නේ එයාට මගේ වෙනස තේරිලා එයත් දොර දිහා බැලුවා.. එයත් දැක්කා අපි දෙන්නා දිහා දොර ලගට වෙලා හිටගෙන බලන් ඉන්න කෙනා කවුද කියලා.

හොබී අනිත් පැත්ත හැරිලා පහලට දුවනකොට කුකී මට ඉන්න කියලා එයාගේ පස්සෙන් දුවගෙන ගියා. ඇදට වෙලාම මම මගේ අත ඔලුවේ ගහගත්තේ ඊලගට මොනවා වෙයිද කියලා මගේ හිතේ ලොකු බයක් ඇති  වේගෙන  එනකොටමයි.

කුකී එනකන් මම ගොඩක් වෙලාවක්  බලන් එයාවත්, හොබීවත් ආයේ ආවේ නෑ ගොඩක් වෙලා යනකන්. වෙන ඕනේ දේකට මුහුණ දෙනවා කියලා හිතාගෙන මම ඇදෙන් නැගිටලා පහලට ආවේ  මම මගේ හිත හයිය කරගන්න ගමන්.

ඒත් පහලට එනකොට හය දෙනාම මොනවද මන්දා හයියෙන් කියව කියව හිනා වෙවී ඉන්න දිහා බැලුවම මට තේරුණා හොබී කාටවත් මොකුත් කියලා නෑ කියලා. ජන්ග්කුක් හොබී ලගම වාඩි වෙලා හොබීගේ කකුලට ගගහා හයියෙන් හිනා උනේ නම්ජූන් කිව්ව මොකක් හරි එකකට.

මම  මොකුත් උනේ නෑ වගේ ගිහින් යුන්ගි ලග ඉඩ තිබ්බ තැනින් වාඩි උනා. හොබී දිහා බැලුවත් එයාගේ බැල්මේ තිබ්බේ මොන වගේ දෙයක්ද කියලා මට තේරුම් ගන්න පුලුවන් කමක් තිබ්බේ නැති හන්දා මම එයාගේ ඇස් මග ඇරලා ඉන්න පුලුවන් තරම් ට්‍රයි කරා.

"හ්යුන්ග් මොනවද මෙච්චර වෙලා උඩට වෙලා කරේ?"

ටේහ්යුන් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ඇවිල්ලා  මගේ එහා පැත්තේ වාඩි වෙනකොට මට උත්තරයක් තිබ්බේ නැති හන්දා මම කුකී දිහා බැලුවේ මාව බේරගන්න මොකක් හරි කියන්න කියලා. ඒත් එයා ඇස් චූටි කරගෙන, නලල රැලි කරගෙන මගේ දිහා බලන් හිටියා.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now