Chapter 70

290 115 40
                                    

මගේ අතට පෑනක් වගේ එකක් දැනුනම මම ඒක අත මිට මොලවලා ගත්තේ තව ටිකක් හරි බිග් බොස් මගේ ලගට ආවොත් ඒකෙන් අනිනවා කියලා හිතාගෙන. මම හිතුවා වගේම එයා මගේ මූණ ලගටම ආවම මම පෑන උස්සලා අනින්න හැදුවත් බිග් බොස් මගේ අත් අඹරලා හයියෙන් අල්ලගෙන ඉන්නකොටම මගේ අතෙන් පෑන බිම වැටුනා.  රිදුනත් මම කෑ ගහන්නේ නැත්ව  බිග් බොස්ගේ ඇස් දිහාම බලන් හිටියත් ඒකෙන් උනේ මගේ ඇස් වලට තවත් කදුලු ආව එක විතරයි

"ප්‍රින්ස් ලස්සන උනාට මේ වගේ දේවල්  කරාම ලස්සන නැති වෙනවා. "

"අ-අත අරිනවා මාව."

"අනිත් මාලු ඔක්කොම මට ඕනේ විදිහට මම අල්ලගත්තට මට ප්‍රින්ස්ට එහෙම කරන්න හිතෙන්නේ නෑ. තමුන්ගේ කැමැත්තක් නැතුව මම තමුන්ට අතක් තියන්නේ නෑ. ඒ හන්දා වැඩිය දගලලා මගේ හිත වෙනස් කරන්නේ නැතුව ඉන්නවා. "

මම බිග් බොස් දිහා බලාගෙනම ඉන්නකොට එයා මගේ ලිප්ස් වලට පෙල් එකක් දීලා මගේ අත අත ඇරියා. මට බැනලා කෑ ගහන්න ඕනේ උනාට මම කට වරද්දගන්න යන්නේ නැතුව එයා මගේ ඉස්සරහින් අයින් වෙනකන් බලන් ඉදලා අයින් උනාට පස්සේ ඇවිත් ඇදෙන් වාඩි උනා.

දින සති මාස ගණන් ගෙවිලා ගියේ කෙන් , සෙන්ඩුල් දෙන්නා ඇරුනම වෙන කවුරුත් මාව බලන්න එන්නේ නැතුව. හැමදාම උදේට කුකීගේ විසිට් එකක් තියෙන්න කියලා හිතෙන් ප්‍රාර්ථනා කරගෙන නැගිටපු මම රෑට නිදාගත්තේ ඒ බලාපොරොත්තු ඔක්කොම කඩ කරගෙන. කෙන් සෙන්ඩුල් දෙන්නා මාත් එක්ක කතා කරන්න ලෝයර් කෙනෙක් ගෙන්නුවත් මම ඒක ප්‍රතික්ශේප කරේ එලියට යන්න ඕනේ උනත් , මම යන එකෙන් කුකීට මේක ඇතුලට එන්න වෙනවා කියන එක දන්න හන්දා. මම යන දේවල් හරහම මට කුකීවත් යවන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ.

එකම එක දවසක් කෙන් මගේ ඉස්සරහා කුකීට හොදටම බැන්නා. කුකීට මගේ ගැන ගාණක් වත් නැති වෙනකොට මට එයා ගැන හිත හිත දුක් වෙන්න එපා කියලා කෙන් මටත් එක්ක බනිනකොට මම තේරුම් ගත්තා කෙන් අදහස් කරන්නේ කුකී තව දුරටත් මාත් එක්ක නෑ කියලා කියලා. ඒත් ඒක විශ්වාස කරන්න මම කැමති නැති උනේ කුකීගේ ආදරෙ ඒ තරමටම මට විශ්වාස උන හන්දා.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now