Chapter 40

436 134 29
                                    

3rd and the last update for the day !

Jin's POV

"හ්යුන්ග්.."

"ම්ම්ම්."

"හ්යුන්ග් නැගිටින්න."

"හ්ම්ම්"

"අයියෝ හ්යුන්ග් කිව්වම අහලා නැගිටින්න."

"හ්ම්ම්"

"හ්යුන්ග්. සේජින් හ්යුන්ග් එන්න හදන්නේ. පොඩ්ඩක් නැගිටින්නකෝ. හ්යුන්ග්...හ්යුන්ග්ග්ග්"

එක පාරටම කන ලග කෑ ගහනවා ඇහුනම මම ගැස්සිලා නැගිට්ටුනා. හොබී යුන්ගී එක්ක මගේ මූණට එබිලා ඉන්නකොට මම පිටිපස්සේ මොනවා හරි තද දෙයක ඔලුව වැදුනම මම හැරිලා බැලුවා මොකේද මම ඔලුව වද්ද ගත්තේ කියලා. මම කුකීගේ ලග නිදාගෙන ඉදලා තියෙන්නේ කියලා තේරුනම මම ඉක්මනට එහාට වෙන්න හැදුවත් එයාගේ අත් මගේ ඉණ වටේ බැදිලා තිබ්බ හන්දා මට හෙල වෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.

හොබී, යුන්ගි දෙන්නා දිහා බලලා මම මෝඩ හිනාවක් දාලා කුකීගේ අත් මගේ ඉණෙන් ගලවගන්න හැදුවත් ඒ වෙනුවට උනේ එයා මෙහාට වෙලා මගේ පිටෙන් ඔලුව තියාගත්ත එක. ජූන්ත් අපේ ඉස්සරහට ඇවිල්ලා හිට ගත්තම මට පොලව පලාගෙන යන්න හිතුනත් මම ලැජ්ජාව පැත්තකට දාලා කුකීව නැගිට්ටවන්න ට්‍රයි කරා.

"කුකී. "

"....."

"නැගිටින්න."

"......"

"ජන්ග්කුක්...."

"...."

"නැ-"

"ජන්ග්කුක් නැගිටිනවද නැද්ද? "

නම්ජූන් එක පාරටම කෑ ගහනකොට මම විතරක් නෙවෙයි, නිදාගෙන හිටපු කුකීත් ඉක්මනට නැගිට්ටුනා. අනිත් දවසේ කුකීව නැගිටුවන්න ජුන්ටම දෙනවා කියලා හිතාගෙන මම කුකීගේ අත් මගේ ඇගෙන් අයින් කරලා බ්‍රශ් කරන්න යන්න නැගිට්ටා.

ඒත් ඒක වැඩක් උනේ නැත්තේ සේජින් හ්යුන්ග් ඒත් එක්කම ආව හන්දා. දැන් බ්‍රශ් කරනවා තියා ඇහිපිල්ලමක් ගහන්නවත් වෙලාවක් නෑ කියලා තේරුනම මම ආයෙමත් හිත හදාගෙන කවුච් එකට වැටුනේ ජන්ග්කුක් වාඩි වෙලා ඉන්න තැන්ට ගොඩක් ඈතින්.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now