Chapter 29

400 138 22
                                    

Jin's POV

දවස් නවයක්....හරියටම දවස් නවයක් ජන්ග්කුක් එකම සෙල්ලම දිගින් දිගටම කරගෙන ගියා. එයා හැමදාම හවසට බීගෙන ගෙදර ආවා. හැමදාම හවසට කෙලින් ඇවිදගන්නවත් බැරි වෙන තරමට එයා බීගෙන ආවා.

ඒ ආව හැමදාම එයා මට එයාව අල්ලන්න දුන්නේ නෑ. එයා කිව්වේ එයාගේ ජිනීට විතරයි එයාව අල්ලන්න පුලුවන් කියලා. එයාට මාව අදුරගන්නවත් බැරි තරමට නරක විදිහට එයා බොන්න පටන් ගන්නකොට එයා එයාගේ කෑම ගැන දක්වන සැලකිල්ල අඩු උනා..

එයා වෙනස් නොවි හිටියට පහුගිය දවස් 3ක ඉදන් මම වෙනස් වෙන්න පටන් ගත්තා. කෙන් කිව්ව වගේ , ඔම්මා කිව්වා වගේ මම හිතාගත්තා එයාග අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. ඒත් මට ඒ කියලා එයාට අමුතුවෙන් දෙන්න ආදරයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. මම එයාට කලිනුත් මගේ සම්පූරණයම දුන්නා. දැනුත් වෙනසක් නැතුව ඒක දෙනවා.

දවස් තුනකට කලින් ජන්ග්කුක් ගෙදර එන්න හොදටම රෑ උනා. වෙනදට 5.00 වෙනකොට ගෙදර ආවට එදා එයා 8.00ටත් ගෙදර ආවේ නෑ. සේජින් හ්යුන්ග්ට අරන් අහනවා කියලා හිතාගන්නකොටම දොර ඇරගෙන ජන්ග්කුක් එන්න ආවා. වෙනදට වඩා එයා බීලා කියලා තේරුනේ මට එයාව උස්සන් යන්න ගොඩක් අමාරු උන හන්දා.

ජන්ග්කුක්ව ඇදට දාන්න යනකොටම එයා මගේ ඇගෙයි එයාගේ ඇගෙයි වැටෙන්නම වොමිට් කරාට පස්සේ මට කේන්තියක් ආවත් මම ඒක එන තැනම යටපත් කරගෙන එයාව අරන් ගිහින් බාත් රූම් එකට දැම්මා. අරක කරන්න, මේක කරන්න කිය කිය බාත් රූම් එකෙන් බලෙන් එයාට වොශ් එකක් දැම්මෙව්වට පස්සේ මම එයාගේ පිජාමා කිට් එක බාත් රූම් එකට දීලා ඒක ඇදන් එන්න කියලා එලියට වෙලා හිටියා. කෙලින් ඉන්න බැරි තරම් බීලා හිටියට එයාට සැරෙන් කතා කරනකොට එයා අඩ අඩ වොශ් ගත්තා. මම කියන දේවල් කරා.හැමවෙලේම කිව්වේ එයාගේ ජින් මට ඇවිල්ලා බනියි කියලා එයාට මම බැන්නා කියලා දැනගත්ත දවසට...

බාත් රූම් එකේ අදින්න් හිටපු කෙනා විනාඩි 10ක් ගියාට පස්සෙත් නැති උන තැන මම ඇතුලට ඔලුව දාලා බැලුවේ එයා ඇතුලේ මොනවා කරනවද කියලා. පිජාමා ටොප් එකේ බට්න් ගලව ගලව ඉන්නකොට මම ගිහින් එයාගේ අතින් ඒක අරගෙන එයාට අන්දවලා බට්න් දෙකක් මැදින් දැම්මා. තුන් වෙනි එක දාන්න යනකොට එයා හොදටම නිදිමතේ හිටපු හන්දා මම එයාව ඇදෙන් නිදි කෙරෙව්වේ එයාට මේ වෙලාවේ හොද නින්දක් ඕනේ කියලා මගේ හිත කිව්ව හන්දා.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now