Chapter 31

382 146 29
                                    

Jin's POV

දවස් 3ක් ගියා.

මම ජන්ග්කුක් එක්ක එකට ඉන්න පටන් අරන්, ආදරේ කරන්න පටන් අරන් දවස් තුනක් ගියා.  මට තේරෙන්නේ නෑ ඒ දවස් මොන වගේද කියලා කියන්න. ඒත් මම සතුටින්.. කවදාටත් වඩා මම සතුටින්. හොදම දේ තමයි ඉස්සර මම අතට පයට වැඩ කරලා දෙන්න ඕනේ එක, දැන් ජන්ග්කුක් වැඩ කරනවා. එයා මට කවනව , එයා මාව නැගිටුවනවා, එයා මම බලන්න ඕනේ මුවිස් හොයන් මට පෙන්න්නවා.  එයාගේ ඒ හැමදේකම මම ආදරයක් දැක්කා.

මම කිචන් පැන්ට්‍රි එකේ වාඩි වෙලා එයා කෑම හදන දිහා බලන් හිටියා. එයාට කෑම හදන්න ඕනේ කිව්වා අද මට. මේ අවුරුදු හතරට ජන්ග්කුක් එක පාරක් වත් තනියම රාමෙන් එකක්වත් හදනවා මම දැකලා තිබ්බේ නෑ. ඒත් අද එයාට කෑම හදන්නම ඕනෙලු.

මම බලන් ඉන්න අතරේ එයා එක එක දේවල් වරද්දනවා දැක්කත් එයා මට ඒ එකක්වත් එයාට කියන්න දුන්නේ නෑ. එයාට ඕනේ උනේ තනියම කෑම හදන්න. එයා හදන එක එයාටම කවනවා කියලා හිතාගෙන මම බලන් හිටියේ ලුණු හැන්දක් ඇති වෙන කෑම එකට ලුණු හැදි 3 භාගයක් දාන දිහා

"කුකී "

"ම්ම්ම්ම්."

"කවදා ඉදන්ද මට ආදරේ කරන්න පටන් ගත්තේ  ? "

ජන්ග්කුක් කෑම හදන එක නවත්තලා මගේ දිහා බැලුවා. ඒ ඇස් කතා කරනවා. ජන්ග්කුක්ට පුලුවන් ඇස් වලින් කතා කරන්න. මගේ ඉස්සරහදි විතරක් එයාට පුලුවන් ඇස් වලින් කතා කරන්න. ඒත් ඒක තේරුම් ගන්න පුලුවන් මට විතරයි.

"ම-මම දන්නේ නෑ හ්යුන්ගී.ඒත් ඒක ගොඩක් කල්.මට හ්යුන්ගී අනිත් අයත් එක්ක ඉන්නකොට කේන්ති යනවා. "

"ඒත් අපිට ඉන්න වෙනවනේ එහෙම"

"ඒත් මම දන්නවා දැන් හ්යුන්ගී මගේ විතරමයි කියලා. ඒ හන්දා කමක් නෑ "

ජන්ග්කුක් මගේ ලගට ඇවිල්ලා මගේ ලිප්ස් වලට පෙක් එකක් දෙනකොට මාත් ඉස්සරහට වෙලා එයාට සපෝර්ට් කරා. මම දන්නේ නෑ ජන්ග්කුක් කොහෙන් මේවා ඉගෙන ගත්තද කියලා  ඒත් එයා කපල්ස් කරන හැමදේම දැනගෙන හිටියා. බබා වගේ හිටියට හයිස්කූල් එකේ එෆයාර්ස් දෙක තුනක් තියෙන්න ඇති.

 EUPHORIA   |  Tae × Jin × Kook  | CompletedWhere stories live. Discover now