"ඔයා එන්න දවසකට කලින් එයා මගේ සෙල් මේට් ව මැරුවා."
මම බය වෙලා වූබින් දිහා බැලුවේ ඒ වගේ උත්තරයක් මම එයාගෙන් බලාප්‍ර්ප්ත්තු උනේ නැති හන්දා. මම මොකුත් අහන්නේ නැතුව හිටියට එයා බිග් බොස් ගැන තවත් විස්තර කියාගෙන ගියා.
"අපේ එහා පැත්තේ සෙල් එකේ වයසක මනුස්සයගේ ඇහැක් නැති කරේ මෙයා. ප්‍රිසන් එකට ඇවිල්ලා අවුරුදු තුනයි. ඒ අවුරුදු තුනට හතර දෙනෙක්ව මැරුවා. සති දෙකක් අයිසොලේට් කරලා ඊට පස්සේ ආයේ මේකටම ගෙනත් දානවා. මිනිහට හිරේ හිටියා කියලා ගානක් නෑ. එලියේ ඉන්නවා වගේම ඇතුලත් රන් කරනවා. "
"ඒතකොට වෝඩ්න් ලා.?"
"සල්ලි සෝකී. සල්ලි. සෝකීට පුලුවන් නම් බිග් බොස් ට වඩා සල්ලි වෝඩ්න්ට දෙන්න වෝඩ්න් සපෝට් කරන්නේ සෝකිට. මේ මනුස්ස්යාට ආස හිතෙන ගෑනූ පිරිමි වෙනසක් නැතුව මේ මනුස්සයා ගෙන්න ගන්නවා. අපිට සති දෙකකට පාරක් විසිටර් කෙනෙක් ආවට එයාට දවස ගානේ විසිටර්ස්ලව ගන්න පුලුවන්."
"මාසයකට දෙපාරක් විසිටර්ලට එන්න පුලුවන්ද. මම හිතුවේ එක පාරයි කියලා."
"නෑ දෙපාරක් පුලුවන්. "
කුකී එහෙනම් ආවේ නැත්තේ ඇයි කියලා කල්පනා කරනකොට මට මතක් උනා එයාට කම්පනි එකෙන් එන්න දෙන්නේ නැතිව ඇති කියලා. නැත්තන් එයා මාව හම්බෙන්න තියන එක විනාඩියක් වත් නැති කරගන්නේ නෑ කියන එක මට හොදටම විශ්වාසයක් තිබ්බා. ඒත් අඩුම තරමේ ඔම්මා, හ්‍යුන්ග් වත් ඇයි මාව බලන්න එන්නේ නැත්තේ කියලා මගේ හිත අහනකොට මට ඒකට උත්තරේ පපා ආව මුල දවසෙම දුන්නා නේද කියලා මතක් උනා.
"වූබින්."
"සෝකී?"
"ඇයි බිග් බොස් ඔයාගේ සෙල් මේට් මැරුවේ."
"මේකට ලස්සන කොල්ලෙක් ආවොත් අන්තිමට ඔය මිනිහගේ ඇදේ නවතින්නේ. ඔය මිනිහගේ අතින් මැරුන ගාණ තුනක් උනාට ඔය මිනිහා හන්දා මැරුන ගාණ ඊට වැඩියි. මූණ හරි ලස්සනට තිබ්බට ඔය මිනිහා සතෙක්ටත් වඩා අන්තයි. අන්තිමට ඔය මිනිහා එක්ක නිදාගන්න පොඩි කොල්ලෝ සූසයිඩ් කරගෙන නතර උනේ."
YOU ARE READING
EUPHORIA | Tae × Jin × Kook | Completed
Fanfictionමම දන්නවා මම මැරෙනවා කියලා . කොහොමත් මම ඒකට ලෑස්ති වෙලා පොලීසියට ගිහින් බාර උනේ. ඒත් මට මේ විදිහට මැරෙන්න ඕනේ නෑ. මට ඔම්මාව හම්බෙන්න යන්න ඕනේ. මට අප්පාව හම්බෙන්න යන්න ඕනේ. මට කුකීගේ මූන එක පාරක් බලන්න ඕනේ. මට ටේහ්යුන්ග්ට යනවා කියලා කියන්න ඕනේ...