Chapter 4.

1.4K 287 18
                                    

Sassy baby__________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sassy baby
__________________________

NO ONE POV

"මේ ඔයාගෙ ගේද?" ගේ ඇතුලට අඩිය තියපු ගමන් ජන්කුක් ඇහුවෙ වට පිට එහෙම හොදට බලන ගමන්.

"හ්ම්... ටිකක් විතර හැඩි වෙලානම් තමා හැබැයි." තේහියුන්ග් කිව්වෙ කඩෙන් ගෙනාපු බඩු ඔක්කොම කුස්සියෙන් ගිහින් තියන ගමන්.

"ටිකක් විතර? ඔයා මේකට කියන්නෙ ටිකක් විතර හැඩි වෙලා කියලද? මටනම් මේක ගෙයක් නෙමේ ඌරු කොටුවක් වගේ. මොකක්ද ඒ ගද?" ජන්කුක් ඇහුවෙ එයාගෙ නහයත් අකුලගෙන. තේහියුන්ග් මුකුත් කිව්වෙ නෑ. මොනා කියන්නද? ජන්කුක් කිව්වෙ බොරුවක් නෙමෙයිනෙ..

"ඔයා මුලින්ම ගිහින් රැවුල එහෙම කපලා, හොදට නාගෙන එන්න. මගේ බොඩිගාඩ්ලා එක්ක එකතු වෙලා මන් ගේ අස් කරන්නම්." ජන්කුක් එහෙම කියල එලියෙ ඉන්න එයාගෙ බොඩිගාඩ්ලාට message එකක් දැම්මා.

තේහියුන්ග් මුලින්ම හිතුවෙ ජන්කුක් විහිලු කරනව කියලා. ඇයි හත්තිලව්වෙ ඒ කොල්ලා වෙන එකෙක්ගෙ ගෙවල් අස් කරන්නෙ පිස්සුවකටෑ. ඒත් බොඩිගාඩ්ලා හතර දෙනා දැක්කම එයාට තේරුනා ජන්කුක් කරේ විහිලුවක් නෙමේ කියලා. එයාට ඒ පුංචි කොලුවව තේරුම් ගන්න ටික දවසක් යයි වගේ.

"හ්-හා එහෙනම්." තේහියුන්ග් එහෙම කියලා එයාගෙ කාමරේට ගියේ ඇත්තටම වෙන්නෙ මොනාද කියල හරියට තේරුම් ගන්න බැරුව. හැමදේම නිකන් හරියට හීනයක් වගේ. ඇත්තටම කිව්වොත් තේහියුන්ග් හෙට උදේ සීතල බිම තනියම නැගිට්ටොත් එයා පුදුම වෙන්නෙ නෑ. මොකද මේ හැම දේම ඇත්තක් වෙන්න ලස්සන වැඩී.

උදේ ඒ මුලු ගෙයිම තිබ්බෙ සොහොන් පිට්ටනියක තරම් නිහැඩියාවක්. තේහියුන්ගෙ හීනි ඉකි ඇරෙන්න කිසිම සද්දයක් නැතිව තිබ්බ ඒ ගේ දැන් කටහඩවල් ගොඩක් එක්ක එකතු උන ලස්සන හිනාවකින් පිරිලා ගිහිල්ලා.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now