Chapter 11.

1.4K 280 27
                                    

Awwwwwwwww ________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Awwwwwwwww
________________________________________

NO ONE POV

"කුකී බබා!!!!!!"

ජන්කුකුයි තේහියුන්ගුයි දෙන්නම ඒ සද්දෙට හොදට බය උනා. එක පාරට කොහෙන්ද මන්ද පාත් උන කොල්ලෙක් තේහියුන්ගෙ තුරුලෙ ඉදිය ජන්කුක්ව ඇදලා රගෙන බදා ගත්තෙ, වෙන්නෙ මොකක්ද කියලවත් තේහියුන්ග්ට හිතන්න ඉඩක් නොදි.

"අනේ මගෙ චූටි කුකී මැනික!! මට ඔයාව ගොඩක් මතක් උනා පැටියෝ!!"

එහෙම කියපු ඒ කොල්ලා තව ටිකක් තද කරල ජන්කුක්ව බදා ගත්තෙ තේහියුන්ග්ව ටිකක් එහාට තල්ලු කරලා දාන ගමන්. තේහියුන්ග්ට ආවෙ ඒකව මරන්න තරම් කේන්තියක්. ඒත් ජන්කුකුත් ඒ මනුස්සයව අනිත් පැත්තට බදාගත්ත හින්ද තේහියුන්ග් එයාගෙ කේන්තිය පාලනේ කර ගත්තා.

"හොබී හියුන්ග්, මට හුස්ම ගන්න බෑ." ජන්කුක් කිව්වෙ ටික වෙලාවකට පස්සෙ.

"ඔයාට මාව මතක් උනේ නැද්ද කුකී? මං අඩනෝ.. මගේ කුකීට මාව මතක් වෙලා නෑ. ඉහි ඉහි ඉහි." හෝසොක් කිව්වෙ බොරුවට අඩන ගමන්. තේහියුන්ග්ට පුලුවන් උනානම් හෝසොක්ගෙ මූන සමතලා වෙන්න එකක් ගහනවා. එයා කැමති උනේ නෑ වෙන කොල්ලෙක් ජන්කුක් එක්ක හුරතල් වෙනවා බලන්න.

"මටත් ඔයාව මතක් උනා හොබී හියුන්ග්. ඔයා ගිය මාසෙම මාව බලන්න ආවෙ නෑනෙ ඉතින්.. නෝටියා. මට කෝල් එකක් වත් දුනෙ නෑ. හුම්. මං ඔයත් එක්ක තරහ වේලා මේ ඉන්නෙ." ජන්කුක් කිව්වෙ හෝසොක්ට රවන ගමන්. අනේ ඉතින් ඒ හුරතල් රැවිලි ගෙරවිලි වලටනම් පූස් පැටියෙක්වත් බය වෙන්නෙ නෑ.

"අනා... sorry මගෙ පැටියෝ. මං වැඩ ගොඩකට හිර වෙලා ඉදියෙ." හෝසොක් ආයිත් ජන්කුක්ව බදාගත්තා. තවත් ඒ දිහා බලාගෙන ඉන්න බැරි වෙච්ච තේහියුන්ග් බොරුවට කැස්සෙ ඒ දෙන්නගෙ අවදානෙ ගන්න.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now