Chapter 5.

1.4K 285 12
                                    

Aww cuties____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Aww cuties
____________________________________

NO ONE POV

කතාවක් තියෙනවනෙ මිනිස්සු එකපාරක් වැරැද්දක් කරොත් ඒක තව පාරක් කරන්න පසුතැවෙන්නෙ නෑ කියලා...

අන්න ඒක තමා තේහියුන්ග්ටයි ජන්කුක්ටයි උනෙත්.

එදා ටිකක් වෙරි වෙලා ඉදැද්දි උන ඒ අත්වැරදීම තව දුරටත් අත් වැරදීමක් උනේ නෑ. ඒක පුරුද්දක් උනා. එදා ඉදන් ජන්කුක් ගොඩක් දුරට නතර වෙලා ඉදියෙ තේහියුන්ගෙ ගෙදර. හැම රෑකම තේහියුන්ගෙ තොල් ජන්කුක්ගෙ ඇත් දල පාට හම උඩ රටා මැව්වා. හිතනම් නෙමේ ඒත් ජන්කුක්ගෙ ඇග තේහියුන්ග් එයාගෙම කර ගත්තා.

නෑ... ඒ දෙන්නා ආදරවන්තයොනම් නෙමෙයි...

ජිමින් දාලා ගිය දවසේ ඉදන් තේහියුන්ග් අරක්කු වලට විතරක් නෙමේ තමන්ටම රිද්ද ගන්නත් ඇබ්බැහි උනා. ඒත් ජන්කුක්ට පින් සිද්ද වෙන්න ඒ දේවල් වලින් ඈත් උන තේහියුන්ග් හිතාගන්න බැරි විදහට ඇබ්බැහි උනේ ජන්කුක්ට... ඒ කොල්ලගෙ ඇගට..

ඒත් ඒක ජන්කුක්ට ප්‍රශ්නයක් උනේ නෑ. අනුන්ගෙ සතුට හැමදාමත් ඉස්සරහට දාන ඒ පුංචි සුරදූතයා තේහියුන්ගෙ සතුට ගැන හිතල සතුටු උනා.

තේහියුන්ග් වැඩි කල් යන්න කලින් පරන් පුරුදු විදිහම ආයි වෙනස් උනා. එයා ආයි වැඩට ගියා... විහුලු කලා... හිනා උනා... ඒකට හේතුව කවුද කියලනම් හිතා ගන්න අමාරු නෑනෙ.

තේහියුන්ග් ජන්කුක්ට ආදරේ කලේනම් නෑ තමා, ඒත් එයා ජන්කුක්ව බලා ගත්තෙ හරියට පුංචි කුමාරයෙක්ව බලාගන්නවා වගේ. එයා හොදටම දැන ගෙන ඉදියා, එයාගෙ අතේ දැවටිලා ඉන්න ඒ කොල්ලා කොච්චර අහිංසකද ඒ වගේම කොච්චර වටිනවද කියලා.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now