Chapter 7.

1.4K 288 6
                                    

Pretty

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Pretty. Just like him.
___________________________________________

NO ONE POV

තේහියුන්ග් ඉදියෙ ජිමින් එක්ක එයාලගෙ ඇද උඩ ඇල වෙලා. ජිමින් තව ටිකක් තේහියුන්ග්ට තුරුල් උනා.

තේහියුන්ගෙ මූනෙ කාලෙකට පස්සෙ ගොඩක් ලොකු හිනාවක් ඇදිලා තිබ්බා. ජිමින් ආයිමත් එයාගෙ අත් දෙක උඩ. ඉතින් එයා කොහොමද හිනා නොවී ඉන්නෙ.

ඊයෙ හවස ජිමින් එයාව හොයාගෙන ඇවිත් වෙච්ච හැම දේටම සමාව ඉල්ලුවා. ජිමින් එයා ලග අඩා වැටෙනකොට තේහියුන්ග්ට සමාව නොදී ඉන්න බැරි උනා.

දන් ඉතින් හැම දේම හර.. හැමෝම සතුටින්...

තේහියුන්ග් සතුටින්..

ජිමින් සතුටින්...

ජන්කුක් සතු- පොඩ්ඩක් ඉන්න.. එයා සතුටින් නෙමෙයි නේද...

"මට සමාවෙන්න තේ..."

"මං ඔයාට සමාව දීල ඉවරයි මිනී. අපි ඒ වෙච්ච හැම දේම අමතක කරල දාමු." තේහියුන්ග් කිව්වෙ ජිමින්ගෙ නලලට පුංචි හාදුවක් දීලා.

ඒ දෙන්න ආයිත් එයාලගෙ සිහින ලෝක වලින් එලියට ආවෙ එක පාරටම හයියෙන් ඇහිච්ච bell එකේ සද්දෙ නිසා.

"මිනී, ඔයා ඔහොම ඉන්න. මං ගිහින් කවුද ඇවිල්ලා ඉන්නෙ කියල බලලා එන්නම්." තේහියුන්ග් කිව්වෙ ජිමින්ගෙන් ඈත් වෙන ගමන්.

"අනේ යන්න එපා." ජිමින් තව ටිකක් තදින් තේහියුන්ග්ව බදා ගත්තා.

"යන්නැතුව බෑනෙ ලමයෝ. අරා ආයි bell එක වදිනවා. මන් පට ගාලා ඒ කවුද කියලා බලලා එනවා." තේහියුන්ග් එහෙම කියලා ඇදෙන් නැගිට්ටෙ බොහොම අමාරුවෙන්.

"එහෙනම් මාත් එනෝ." එහෙම කියපු ජිමින් දඩ බඩ ගාල ඇවිල්ලා තේහියුන්ග්ව පිටි පස්සෙන් බදා ගත්තා.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now