Jung Kook

1K 341 215
                                    

Jungkook's POV

ජින් හ්යුන්ග් මුල් දවස් වල නිවාඩු දවසෙත් මගෙත් එක්ක හිටියට එයා පහු වෙන්න පහු වෙන්න මාත් එක්ක ඉන්න වෙලාව අඩු කරා. මම දවසක් ජිමින් හ්යුන්ග් එක්ක රණ්ඩුත් උනේ එයා හන්දා ජින් හ්යුන්ග් මාත් එක්ක වැඩි වෙලාවක් ඉන්නේ නෑ කියලා. ඒත් මට පස්සේ ජිමින් හ්යුන්ග් කිව්ව දේවල් වලින් තේරුනා ජිමින් හ්යුන්ග්ලත් එක්කත් ජින් හ්යුන්ග් වැඩිය නෑ නේද කියලා.

ජින් හ්යුන්හ් මම එයාගේ රූම් එකට යන හැමවෙලේම බය වෙලා එයාගේ ෆෝන් එක ලොක් කරනවා. කවදාවත් නැතුව දැන් ඒ ෆෝන් එකේ ලොක් එකත් වෙනස් කරා. මට ලේසියෙන් ෆෝන් එක දෙන්නෙත් නෑ හ්යුන්ග්. හ්යුන්ග් මැශින් එක පාවිච්වි කර කර හිටියත් මම එනවා දැක්කොත් ඒක ශට් ඩව්න් කරන්නෙත් නැතුව ප්ලග් එක ඇදලා අරන් ඒක මගෙන් හන්ගනවා.

මගෙන් හ්යුන්ග් හන්ගන දේවල් මොනවද කියලා මම කොච්චර හෙව්වත් මට ඒක හොයාගන්න පුලුවන් උනේ නෑ. මම එක අඩියක් ඉස්සරහට තියනකොට හ්යුන්ග් අඩි 5ක් විතර ඉස්සරහට තිබ්බා.

මම මුලින්ම හිතාගත්තා හොරෙන් හ්යුන්ග්ගේ රුම් එකට යනවා කියලා. එහෙම හිතාගෙන මම රූම් එකට යනකොට  දොර පිටිපස්සේ තියලා තිබ්බ මොනවද මන්දා බඩු ටිකක් දඩබඩාස් ගාලා බිමට වැටුනා. එදත් හ්යුන්ග් ඉක්මනට මැශින් එක ඕෆ් කරලා මගෙන් බේරුනා. මම රූම් එක ඇතුලට ගියාට පස්සේ තේරුනේ හ්යුන්හ් පුටුවක් උඩට බඩු ටිකක් තියලා දොර වහලා තියෙන්නේ කවුරු හරි ආවොත් එයාට සිග්නල් එක එන විදිහට කියලා. එදාම හවස හ්යුන්ග් එයාගේ මැශින් එක අනිත් පැත්ත හරවලා තිබ්බා. ඒ කිව්වේ කවුරු හරි දොරෙන් එලියට එනකොටම එයාට පේන විදිහට එයා මේසෙයි, මැශින් එකයි වෙනස් කරලා තිබ්බා.

මම කොච්චර කරත් හ්යුන්ග් මට වඩා කපටි උනා. ඒත් එකම එක දවසක්.... එකම එක දවසක් මට හ්යුන්ග්ගේ රූම් එකට යන්න චාන්ස් එක ආවා. එදා හ්යුන්ග් හ්යුන්ග්ගේ පවුලේ අය එක්ක කොහෙද යන්න හිටපු දවසක්. හ්යුන්ග් හොදටම පරක්කු වෙලා හිටපු හන්දා එයාට රූම් එක ලොක් කරලා යන්න අමතක උනා.

දවසෙන් උපරිම ප්‍රයෝජන අරන් මම හ්යුන්ග් ගේ රූම්  එකට ගිහින් දොර ඇතුලෙන් ලොක් කරගත්තා. දැන් කවුරුත් හිතන්නේ නෑ මම හ්යුන්ග්ගේ රූම් එකේ ඇති කියලා. ඉක්මනට මැශින් එක ලගට ගිහින් මම පුටුවෙන් වාඩි උනාට පස්සේ දැක්කේ මම හිතපු තරම් වැඩේ ලේසි නෑ කියලා. හ්යුන්ග් ලොක්ස්ක්‍රීන් පාස් වර්ඩ් එකක් දාලා 

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now