Hoseok

754 307 63
                                    

Hoseok POV


මම ෆෝන් එක අරන් බල බල ඉන්න අතරේ සන්ග්වූන්ගේ මීම් එකක් හම්බුනා. එයාව ටීස් කරන්න මම ඉක්මනට ඒකේ ස්ක්‍රීන්ශොට් එකක් අරන් එයාට යැව්වේ ගොඩ දවසකින් කාත් එක්කවත් හරියට කතා කරන්නත් බැරි උනා නේද කියලා හිත හිත.



මම ඒක යවපු ගමන්ම සන්ග්වූන් මට මගේ මීම් එකක් එවලා තිබ්බා. ගූග්ල් හොයලා හොයලා මම සන්ග්වූන්ගේ තව ඉමේජ් එකක් හොයලා යැව්වා.  ඊට පස්සේ එයත් නැවැත්තුවේ නෑ. මාත් නැවැත්තුවේ නෑ.අපි දෙන්නා මීම් ෆයිට් එකක් කරා.

ඒත් ටික වෙලාවක් යනකොට මම පරාද වෙන්න ලන් උනා. මම සන්ග්වූන්ගේ මීම් ගත්ත පේජ් එකේ එයාගේ මීම්ස් ඉවර වෙනකොට මම ගූග්ල් කරලා බැලුවා එයාගේ ඉමේජ්.

ගූග්ල් කියන්නේ දෙවියෙක්... මාව බේරගන්න මගේ ගූග්ල් දෙවියෝ මට සන්ග්වූන්ගේ මීම්ස් ගොඩක් එව්වා. අපි දෙන්නා අපේ යුද්ධය කර කර ඉන්න අතරේ මම ජන්ග්කුක්ගේ කාර්ටූන් එකක් දැක්කා. මම ඉක්මනට ඒකත් ස්ක්‍රීන් ශොට් කරලා ජන්ග්කුක්ට යැව්වේ එයාවත් ටිකක් ටීස් කරන්න හිතාගෙන.

එතනින් නැවතුනේ නෑ. ඒකේ සජෙශන්ස් වලට ආව අනිත් ඉමේජ් ටිකත් මම අපේ ගෲප් චැට් එකටම දාගෙන ගියේ අනිත් අයවත් මේකට ඇදලා ගන්න..මේක හිතුවට වඩා මට ෆන් උනා.

පහලට පහලට ඉමේජස් හොයන් යනකොට මම දැක්කා කාර්ටූන් එකක්. ඒකේ හිටියේ මම.මම ඒක බලන්න ගියාම මම දැක්කේ ඒක වෙබ් ටූන් එකක් කියලා. මම ගැන දෙයක් හන්දා මම ඒක බලන්න ගියාම මට තේරුනා එතන තියෙන්නේ එකම එක පේජ් එකක් විතරයි කියලා. ඉතුරු ටික බලන්න ඕනේ හන්දා මම පේජ් එකට ගියා.

පේජ් එකට ගිහින් නැවතුනේ නෑ. මම ඒකේ අකවුන්ට් එකක් හැදුවා.හදලා පලවෙනි පේජ් එක කියෙව්වා. ඒත් දෙවනි එක කියවන්න යනකොට එක්කො හෙට වෙනකන් ඉන්නලු නැත්තන් පේ කරන්නලු.  ඉක්මනට මගේ වොලට් එකෙන් කාර්ඩ් එක අරන් මම ඒ කතාවට පේ කරා.

මම වෙබ්ටූන් එක කියවන අතරේ අපේ ගෲප් චැට් එකේ මැසේජස් මට වද දුන්නා. සැරින් සැරේ පොපප් වෙන මැසේජ් හන්දා මගෙ අවධානය සැරින් සැරෙ  කතාවෙන් මැසේජ් නොටිෆිකේශන් වලට ගියා. මම ගෲප් චැට් එකට ගිහින් බලනකොට අපේ කට්ටියම දැන් ඒක එක මීම් ශෙයා කර කර රණ්ඩු වෙනවා. ජින් හ්යුන්ග් දාපු වොයිස් නෝට් එකක් අහන්නත් හදලා ඊට පහල තියන මැසේජ් වලින් තේරුම් ගත්තා මම ඒක අහන්න හොද නැති වොයිස් නෝට් එකක් කියලා. මට ආයෙමත් මගේ වෙබ්ටූන් එක මතක් උන හන්දා මම ගෲප් චැට් එකේ නොටිෆිකෙශන් ඕෆ් කරලා වෙබ්ටූන් එක තිබ්බ පේජ් එක ගත්තා.

පලවෙනි වෙබ්ටූන් එක බලලා ඉවර උන ගමන් මම තව වෙබ්ටූන් එකක් පර්චස් කරා. ඒක ඉවර වෙනකොට තව එකක්... ඊට පස්සේ තව එකක්... ආයේ තව එකක්.... දිගටම දිගටම මම වෙබ්ටූන් කොච්චර කියෙව්වද කියනවා නම් මම පොඩි පොඩි වියදම් කරන්න තියන් ඉන්න ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ක්‍රෙඩිට් ලිමිට් එක එක්සීඩ් උනා කියන මැසේජ් එකක් එනකන්ම මම  වෙබ්ටුන් පර්චස් කරා.

මම එතනින් නැවතුනෙ නෑ. මම අනිත් කාර්ඩ් එක අරගෙන ඒකෙන් වෙබ්ටූන් පර්චස් කරා. හම්බෙන හැම නිදහස් වෙලාවකදිම මම කරේ වෙබ්ටූන් එකක් කියවපු එක. මම කී පාරක් ක්‍රෙඩිට් කාර්ඩ් ඩීටෙල්ස් ෆිල් කරාද කියනවා නම් මට දැන් කාර්ඩ් එකේ තියන  නම්බර්ස් ඔක්කොම කටපාඩම්.....


Next Namjoon......







නම්ජූන්ගෙ එක ලියන්න මම තාම හිතන්න ඕනේ. දැන් ලියලා ලියලා ලියන්න දේවල් නැති වෙලා තියෙන්නේ 🤭

Behind the Story  |  BTS  |  CompletedWo Geschichten leben. Entdecke jetzt