Namjoon

748 310 136
                                    

Namjoon's POV

දවස් ගානකට කලින් ඉදන් එක පාරටම කට්ටිය වෙනස් උනා.කවුරුත් කාත් එක්කවත් දැන් වැඩිය ඉන්නේ නෑ. මට ඒක ලොකු ප්‍රශ්නයක් උනත් කවුරුත් ඒකට හරියට උත්තරයක් දුන්නෙත් නෑ.

ජින් හ්යුන්ග් ඉස්සර රෑ වෙනකන් ගේම් ප්ලේ කරා, නැත්තන් බලෙන් කාව හරි නැගිටුවලා අරගෙන ඇනිමේ බැලුවා. ඒත් දැන් ඒ එකක් වත් නෑ. ලොක් නොකරන දොරක් තියන , ඕනේ වෙලාවක යන්න පුලුවන් උන එකම රූම් එක ජින් හ්යුන්ග්ගේ රූම් එක..ඒත් දැන්.... එයා රූම් එක ඇතුලේ හිටියත් නැතත් පැය 24ම ඒක ලොක් කරලා.

ඊලගට ජන්ග්කුක්. ඉස්සර වගේ අනිත් අය එක්ක රණ්ඩු වෙන්නේ නෑ. මගෙ ලගට ඇවිල්ලා එක එක වචන අහන්නේත් නෑ. ජින් හ්යුන්ග්ගේ රූම් එකට යන්න රණ්ඩු වෙන්නෙත් නෑ. කිසි දෙයක් නොකර එයත් පැත්තකට වෙලා ඉන්නවා දැන්.

ඊලගට ටේහ්යුන්ග්. එයා මාව දැක්ක ගමන් ෆෝන් එක හන්ගගන්නවා. මම මුලදි සැක හිතිලා හොරෙන් බලන්න ගියත් ඒ හැම වෙලාවෙම ඒක හරි ගියෙ නෑ. මම ලගට ගියත් දැ න් ටේහ්යුන්ග් එයාගේ ෆෝන් එක ලොක් කරගෙන හැන්ගෙනවා.

ජිමින්... එයාගේ හැසිරීම තමයි හොදටම වෙනස් උනේ. එයා මේසයක් යටට වෙලා මොනවා හරි ෆෝන් එකත් තියාගෙන රෑට රෑට කරනවා. දවසක් මම පාන්දර 3.00ට වතුර බොන්න යනකොටත් එයා ඩයිනින් ටේබ්ල් එක යට ෆෝන් එක තියාගෙන මොනවද කියවනවා.

යුන්ගි... ඒ මනුස්සයාගේ හැසිරීම නම් අනිත් පැත්ත ගැහුවා. දකින දකින වෙලාවේ නිදාගෙන ඉන්න මනුස්සයා දැන් හැම වෙලේම ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා . ඔබන්නෙත් නෑ. බල බල ඉන්නවා. අඩුම තරමේ මම දැන් නිදාගන්න තරම්වත් ඒ මනුස්සයා දැන් නිදාගන්නේ නෑ.

හෝසොක්... එයත් ෆෝන් එකේ. එක තැනක එයා ඉන්නේ නෑ. හැම වෙලේම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියාගෙන  එහාටයි මෙහාටයි කැරකෙනවා. මේ මාසෙට එයා දවස් 3ක් බෑන්ක් එකට ගියා. මොකටද එච්චර යන්නේ කියලා මට අහන්න ඕනේ උනත් මම අහන්නේ නැතුව හිටියේ පර්සනල් දේවල් අහන්න එක හරි නෑ කියලා මගේ හිත කිව්ව හන්දා.


ප්‍රැක්ටිස් යන අතර තුර , වෝටර් බ්‍රේක් එක , ලන්ච් බ්‍රේක් එක, ආයේ එනකොට, නිකන් ඉන්න වෙලාවට, වාහනේ එනකන් ඉන්න වෙලාවට , ටීවී බලන වෙලාවට, ශූටින් බ්‍රේක් එක වෙලාවට .... හම්බෙන හැම නිදහස් වෙලාවකම  හය දෙනාම ෆෝන් එක අතට ගන්නවා. 

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now