PS - i

829 263 115
                                    

3rd Person pov

 

පීඩී නිම්ට රොශෙල්ව ගේන එක ලේසි වැඩක් උනාට යවන එක එච්චර ලේසිව් වැඩක් උනේ නෑ. මොකද ඒ හත් දෙනාට ඩිප්ලොමැටික් පාස් පෝර්ට් තිබ්බට රොශෙල්ට ඒ පාස් පෝර්ට් එක තිබ්බේ නෑනේ.

ඉතින් පීඩි නිම් ඒ වැඩේ කර ගන්න අතරේ රොශෙල් අර පුටුවේ වාඩි වෙලා හිටියා. රොශෙල්ට පාර්ක් එකේ ප්‍රපෝසල් එකේ ඉතුරු ටික බලාගන්න ඕනේ හන්දා රොශෙල් බල බල හිටියේ කොයි වෙලාවේ එයා හිටපු රටට යන්න වෙයිද කියලා. ඒ විතරක් නෙවෙයි මිස්ටර් කිම් සොක්ජින් කෙන්ගෙන් ඔටෝ ග්‍රාෆ් එක කොයි වෙලේ අරන් එයිද කියලත් බල බල හිටියා.

නම්ජූන්ට නම් මේ කෙල්ල ගැන එච්චර හොද හිතක් පහල උනේ නෑ. මොකද මෙච්චර කපටි මොලයක් ඊලගට මෝනවා කරයිද කියන එක නම්ජූන්ගෙ ඔලුවේ හැමවෙලේම තිබ්බා.

ඒත් ජිමින් නම් හරිම සතුටින් හිටියෙ  මොකද ගොඩ කාලෙකට පස්සේ ජිමින්ට එයාට වඩා කොට කෙනෙක් එයාට හම්බුන හන්දා.ජිමින් දෙතුන් පාරක්ම කතා කරනවද නැද්ද කියලා හිතලා කට වහගෙන හිටියේ ඉන්ග්ලිශ් වල තියන පොඩි පොඩි ප්‍රශ්න වලට බයෙන්.

හිතත් එක්ක ලොකු තරගක් කරලා අන්තිමට  ජිමින් කතා කරන්න හයිය ගත්තා.

"ඔ-ඔයා ඔය කතාව අයින් කරනවා නම් අපි ඔයාට අපි හත් දෙනාගෙම ඔටෝ ග්‍රාෆ් දෙන්නම් , ෆොටෝ එකකුත් ගන්න දෙන්නම්, කොන්සර්ට් එකකටත් එන්න දෙන්නම්. නේද යුන්ගි හ්යුන්ග්..?."

ජිමින් හෙමින් හෙමින් යුන්ගි දිහා බලලා කිව්වේ යුන්ගිවත් කතාවට ඇදගන්න හිතාගෙන

"ඒත් ජිමින්-ශී මට ඕනේ කෙන්ගේ ඔටෝ ග්‍රාෆ් එකක් විතරයි. ඔයාට බැරි වෙයිද ඔය ටික කෙන් ට මාරු කරලා එයාගේ ඔටෝ ග්‍රාෆ් එකකුයි, එයාගේ ෆොටෝ එකකුයි, එයාගේ කොන්සර්ට් එකකයි ඔයාගේ රිවෝඩ් එක මාරු කරලා දෙන්න? "

ජිමින් කොච්චර ශොක් උනාද කියනවා නම් එයාව අඩියක් පිටි පස්සට ගියා. ඒ අතරේ රොශෙල්  තව ටිකක් හොදට කල්පනා කරේ මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන

එතකොට කල්පනා කරන රොශෙල් දිහා බලාගෙන කපටි නම්ජූන් කපටි මොලෙන් මේ කෙල්ල ඊලගට ඉල්ලන්න පුලුවන් දේවල් මොනවද කියලා හිතුවා. ටිකක් කල්පනා කර කර හිටපු රොශෙල් එයාගේ හඩ අවදි කරා.

"ඔයාලා කියනවම නම්.... ඔයාලා කියන හන්දා.... හරිද.... ඔන්න මම ඉල්ලුවා නෙවෙයි. ඔයාලා තමයි මුලින්ම කිව්වේ... මගේ ෆලෝවර්ස්ලා 1040ට ඔයාලා සයින් කරපු ෆොටෝ කාර්ඩ් 1040× 7ක්  දෙනවද? ඔන්න මම ඉල්ලුවේ නෑ. ජිමින්-ශී තමයි දෙන්නම් කිව්වේ?"

ජිමින්ගේ ඔලුවට එක පාරටම ආවේ මොන ගොන් වැඩක්ද ඒ කරගත්තේ කියලා. ජිමින් හිතාගත්තා මේ කොට කෙල්ල යනකන් එක වචනයක් එලියට දාන්නේ නෑ කියලා ආයේ.

ෆොටෝ කාර්ඩ් 1040×7 ත් එක්ක කෙන්ගේ ඔටෝ ග්‍රාෆ් එකකුත් අරගෙන රොශෙල් පීඩී නිම් එක්ක එයාලා කලින් හිටපු බේස්මන්ට් එකෙන් එලියට ඇවිල්ලා තිබ්බ වාහනේට නැග්ගේ ඊලග චැප්ටර් එකට ලියන්න ඕනේ දේවල් හිතෙන් කල්පනා කරගෙනමයි.



 

President_Roshell 


Ps; වෙන නම් ලියන්න ඒවා නැති වෙයි. තව විනඩියක් ඇහැරිලා හිටියොත් කකුලෙන් එකක් ගහලා මාව එලියට දාන තත්තවයක් දැන් තියෙන්නේ. 







In the end I hope my story helps everyone to realise that you don't have to find out you are dying .....

To start living ♥️

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now