Secrets

826 309 188
                                    

3rd Person pov


හැමෝම මිටින් එක ඉවර වෙලා එයාලගේ රූම්ස් වලට ගිහින් දොරවල් වහගෙන ෆෝන්ස් අතට ගත්තා. කියව කියව හිටපු ෆෑන් ෆික්ශන් එකේ නවත්තපු තැනින් එයාලා කියවන්න පටන් ගත්තත් එයාලගේ හිතේ තිබ්බේ වෙන කතාවක්.

හැමෝම අනිත් අය ඉස්සරහා මොකුත් දන්නේ නැති බබාලා වගේ හිටියට හැමෝම දන්නවා අනිත් අය කරන දේවල්.

ජින් හිතන් හිටියට අනිත් අය දන්නේ නෑ කියලා එයා ෆෑන් ෆික්ශන් කියවන එක , දවසක් එයාට නින්ද ගිහින් තියනකොට හැමෝම දැක්කා ෆෑන් ෆික්ශන් එකක් එයා කියවනවා කියලා.ඒත් කවුරුත් දන්නේ නෑ වගේ රග පෑව හන්දා ජින්ට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ

ජන්ග්කුක් එයා ෆෑන් ෆික්ශන් කියවනවා කියන එක කවුරුත් දන්නේ නෑ කියලා හිතුවට දවසක් ජන්ග්කුක්ගේ කටින් ෆෑන් ෆික්ශන් එකක් ගැන පිටවෙලා එයාගේ අතින් කියවෙන්න ගියා ඒවා කියවනවා කියලා.

ටේහ්යුන්ග් මොකුත් කරන්නේ නෑ වගේ හිටියට දවසක් එයා වාහනේ ඉස්සරහා ශීට් එකේ  ෆෑන් ආර්ට්ස් වල ගිලිලා ඉන්නවා අනිත් හය දෙනාම දැක්කා. ඒත් කවුරුත් ඒක එයාට දැනගන්න දුන්නේ නෑ

ජිමින් එක දවසක් එයාගේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් පෙන්නන්න යනකොට හැමෝම දැක්කා එයාගේ ෆෝන් එකේ ෆෑන් ෆික්ශන් සර්ච් කරපු සර්ච් හිස්ට්‍රි එකක් තියනවා. ජිමිනුත් දන්නේ නෑ වගේ රග පෑවා. අනිත් අයත් දැක්කේ නෑ වගේ රග පෑවා.

හෝසොක් දවසක් එයාගේ ෆෝන් එක අන්ලොක් කරන්න අමතක කරලා කෑම මේසෙන් නැගිටලා යනකොට එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ජිමින් ඒක ආන්සර් කරන්න යනකොටම ඒක කට් උනහන්ද හැමෝම දැක්කා හෝසොක් කියව කියව හිටපු වෙබ්ටූන් එක..ඒත් ස්ක්‍රීන් එක ඔටෝ ලොක් උන හන්දා කවුරුත් මොකුත් නොකියා ඒක ගැනත් දන්නේ නෑ වගේ හිටියා

දවසක් යුන්ගි වී ලයිව් එකක් කර කර ඉන්න අතරේ එයා දන්නෙම නැතුව එයාට කියවුනා එයා ෆික්ශන් ලියලා තියනවා කියලා. ඒ වෙලාවේ මුලු ලෝකෙම දැනගත්තා එයාගේ වැඩ ගැන. අනිත් හය දෙනත් ඒ වෙලාවේ ඒක අහගෙන හිටියත් කවුරුත් එයාගෙන් ඒක අහන්න ගියේ නෑ.

ටේහ්යුන්ග්ගේ ෆෝන් එකේ නොටිෆිකේශන් බාර් එකේ තියන වට්පෑඩ් නොටිෆිකේශන් එකත් මුලු ලෝකෙම දැක්කා. ඒක තමයි මුලු ලෝකෙම බීටීඑස්ලා වට්පෑඩ් පාවිච්චි කරනවා කියලා හිතපු පලවෙනි පාර.  ඒත් ඊට කලින් අනිත් හය දෙනාම  දැනගෙන හිටියා ටේහ්යුන්ග් නිකන් ඉන්න වෙලාවට වට්පෑඩ් යන්නේ කියලා.

එතකොට නම්ජූන්?

කවුරුත් දන්නේ නෑ නම්ජූන්ගේ කමෙන්ට් සෙක්ශන් එකේ පිස්සො වගේ රණ්ඩු වෙන කට්ටිය ඒ හය දෙනාමයි කියලා. ඒත් එයාලා දන්නවා ඒක ලියන්නේ නම්ජූන් කියලා. මොකද එයාලා පීසා කන දවසට ෆෑන් ෆික්ශන් එකේ ජූන් කෑවෙත් පීසා. එයා  පාර්ක් යන දවසට ෆෑන් ෆික්ශන් එකේ ජූන්ත් පාර්ක් ගියා. එයා වැස්සට තෙමුන දවසට ෆෑන් ෆික්ශන් එකේ ජූන්ත් තෙමුනා. ඒත් කවුරුතේක ගැන නම්ජූන්ට තේර්‍රන්න දුන්නේ නෑ.


ඔය මොනවා උනත් හැමෝගෙම ෆෝන් එකේ වට්පැඩ්, ඒ.ඕ.ත්‍රී, වෙබ්ටූන්  එහෙම තියනවා කියලා හැමෝම දැනගෙන හිටියේ. මොන දේ දැනගත්තත්  අනිත් අය කවුරුත් ගැන දන්නේ නැති එකම එක දෙයක් තියනවා. ඒ තමයි......

   









 

කවුරුත් දන්නෙ නෑ හැමදාම කට්ටිය නැගිටින්න පරක්කු වෙන්නේ 7 දෙනාම හැමදාම රෑ 12, 1.00, 2.00 වෙනකන් ශිප් ස්ටෝරීස් කියවන හන්දා කියලා. ....





.
 
.

ඊටත් වඩා වැදගත් දෙයක් කවුරුත් දන්නේ නෑ.  ඒ තමයි එයාලා ශිප් ස්ටෝරිස් කියවනවා කියන එක සේජින් හ්යුන්ග් විතරක් දන්නවා කියලා.

ඒක උනේ මෙහෙමයි..දවසක් සේජින් එනකොට හැමෝම ෆෝන් වල එල්ලිලා ඉන්න හන්දා සේජින් ඉන්ටර්නෙට් ප්‍රොවයිඩ් කරන කම්පනි එකට ඩීටෙල්ඩ් යූසේජ් හිස්ට්‍රි එකක් ඉල්ලගත්තා. ඒකේ හැමෝගෙම ෆෝන් ටයිප් එකත් එක්ක එයාලා කරපු වැඩ ඔක්කොම හොයාගන්න පුලුවන් උනා.







කිසිම කෙනෙක් දන්නේ නැති තව එකම එක දෙයක් තිබ්බා. ඒ දේ කවදාවත් කවුරුත් දැනගන්න එකකුත් නැති වේවී.







ඒ තමයි දැනට වට්පෑඩ් වල ඉන්න ෆේමස්ම ශිප් රයිටර් බෑන්ග් පීඩී නිම් කියන එක. ..  







තව එකම එකක් තියනවා. එතනින් ඉවරයි

Ps ii ;

මට ශිප් කතවක් දාන්න ඕනේ උනේ නෑ මේක ඇතුට. ඒත් මට මීට වඩා හොද රහසක් හිතාගන්න බැරි උනා

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now