Fanfiction?

787 299 93
                                    


කන්සෙප්ට් මැනේජර් හිටියේ ගොඩක් සතුටින්.මොකද වෙනදට පැය ගානක් ඇදෙන මීටින් එක අද පැයෙන් ඉවර කරගන්න පුලුවන් උනා. කන්සෙප්ට් මැනේජර්ගේ හිතේ තිබ්බ අදහස් ටිකම වගේ කට්ටිය කිව්ව හන්දා කවුරුත් අද ආර්ග්‍යු කරගන්න ගියේ නෑ. ඒක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්...

හැමෝම කතා කරලා ඉවර උනාට පස්සේ කන්සෙප්ට් මැනේජර් එයාලගේ අන්තිම ඔන්ල්යින් කොන්සර්ට් එක ගැන කතා කරා. කොන්සර්ට් එකේ තීම් එක ගැන විස්තර කරන්න අලුත් කතාවක් කන්සෙප්ට් මැනේජර් පටන් ගන්නකොට බෝයි බෑන්ඩ් එකේ හිටපු හැමෝම එපා කරපු මූණක් හදාගත්තේ එයාලා කොයි වෙලේ එයාලගේ රූම් වලට යනවද කියලා ඇගිලි ගැන ගැන හිටපු හන්දා සහා ඒක මිස් වෙනවා කියලා එයාලට දැනුන හන්දා.

👨"අපි මේ පාර ඔයාලගේ කොන්සර්ට් එක කරන්න ඉන්නේ ෆෑන් ෆික්ශන් තීම් එකට."

කන්සෙප්ට් මැනේජර් කිව්ව ගමන්ම මුලින්ම හත් දෙනාම ගැස්සුනත් එයාලා එක එලියට නොපෙන්වා ඉන්න තරම් හොද ඇක්ට් එකක් දුන්නා. ඒ ඇක්ට් එක ඒ වගේම සාර්ථක ඇක්ට් එකක්.

මුලින්ම කන්සෙප්ට් මැනේජර්ට උත්තර දුන්නෙ ජින්.

"ෆෑන් ෆික්ශන්? "

👨"ඔව්. අපි සර්වේ එකක් කරලා බලලා හොයාගත්තා ෆෑන්ස්ලා ඔයාලව දකින්න ආසම විදිහ. ඉතින් අපි හිතාගත්තා ෆෑන් ෆික්ශන් තීම් එකට යන්න."

"ෆෑන් ෆික්ශන් කවුරුත් කියවන්නේ නෑ."

ජන්ග්කුක් එයාගේ අදහස ඉදිරිපත් කරනකොට ඒකට උත්තර දෙන්න යුන්ගිත් එකතු උනා.

"ඔව්..ෆෑන් ෆික්ශන් කියන්නේ බොරු කතා."

👨"අපි මේ පාර ෆෑන් ෆික්ශන් විතරක් නෙවෙයි ෆෑන් ආර්ට්ස් , වෙබ්ටූන්සුත් බලනවා.."

"වෙබ්ටූන් කියවන අය ඉන්නවද?"

හොබී පුදුම වෙලා අහනකොට ෆෑන් ආර්ට් ගැන කතාව ටේහ්යුන්ග් ඇදලා ගත්තා.

"ෆෑන් ආර්ට්ස් කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවෙයි  ඔවා කවුරුත් ගනන් ගන්නෙත් නෑ දැන්. පරණ වැඩ. "

👨"එහෙම කියන්න බෑ. අපි සර්වේ එක කරාම හොද රිසල්ට් එකක් ආවා ඒවට. අනිත් එක ඉන්සට්ග්‍රෑම්. අපි ඉන්ස්ටග්‍රෑම් වල තියන ෆෑන් ෆික්ශන් ටිකකුත් මේ පාර රිෆර් කරනවා. "

"ඉන්ස්ටග්‍රෑම් එකේ ෆෑන් ෆික්ශන් තියනවද? . මම හිතුවේ ඒකේ ෆොටෝ අප්ලෝඩ් කරනවා කියලා විතරයි."

ජිමින් අහපු ප්‍රශ්නෙට කන්සෙප්ට් මැනේජර් ඔලුව වනවා ඉන්ස්ටග්‍රෑම් ෆික්ශන් වල විශේශත්වේ කියලා දුන්නා.

මෙච්චර වෙලාවක් කට වහගෙන හිටපු නම්ජූන් අහපු ප්‍රශ්නේ හන්දා හැමෝම එයා දිහා පුදුම වෙලා බැලුවේ එයා වගේ ජීනියස් , සුපර් ස්මාර්ට් කෙනෙක්ගේ කටින්  ඒ වගේ දෙයක් එලියට එන්න විදිහක් තියෙයි කියලා කවුරුත් විශ්වාස නොකරපු හන්දා..

"ෆෑන් ෆික්ශන් කියන්නේ මොනවද ?."

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now