Taehyung

911 317 105
                                    

Taehyung's POV

මම ට්විටර් දිහා බලාගෙන කල්පනා කර කර හිටියේ නම්ජූන් හ්යුන්ග් අප්ලෝඩ් කරලා තියන ෆොටෝස් දිහා. මුලු ලෝකෙම හිතන්නේ නම්ජූන් හ්යුන්ග් මියුසියම් බලන්න යන්න ආසයි කියලා. ඒත් කවුරුත් දන්නේ නෑ එයා ඇත්තටම මියුසියම් එකට යන්නේ එතන ෆොටෝ එකක් ගන්න විතරයි කියලා.

මම හිනා වෙවී ට්විටර් එකේ උඩට පහලට යන අතරේ මම දැක්කා මගේ ලස්සන ෆොටෝ එකක්. මම වත් දැකලා නැති තරම් මගේ ලස්සනම ලස්සන ෆොටෝ එකක්. ගිය ගමන්ම මෝඩයා වගේ හාර්ට් ටැප් කරන්න හදනකොටම මට මතක් උනේ මම ඉන්නේ අපේ ගෲප් එකේ අකවුන්ට් එකෙන් නේද කියලා

අකවුන්ට් එකෙන් ලොග් වෙන්න කලින් මම පෑනකුයි කොලේකුයි හොයාගෙන ඒ ෆොටෝ එක දාලා තිබ්බ එකවුන්ට් එකේ නම ලියාගත්තා. ඇයි මේ මිනිස්සුන්ට ලේසි යූසර් නේම් එකක් දාගන්න බැරි.? 

සිම්පල්, කැපිටල්, නම්බර්ස් ඔක්කොම පිරිලා තිබ්බ යුසර් නේම් එක මම ලියාගෙන අපේ අකවුන්ට් එකෙන් ලොගවුට් වෙලා මගේ ෆේක් එකෙන් ලොගින් උනා. බලාගෙන ලිව්ව එකවත් හරියට ලියාගෙන නැති මම  අන්තිමට ෆෝන් එක පොලවේ ගහන්න තරම් කේන්තියක් ආවේ දැන් මට මගේ ලස්සන ෆොටෝ එක බලන්න හම්බෙන්නේ නැති හන්දා.

මටම බැන බැන මම ඒ නම වෙනස් කර කර ආයේ ආයේ හෙව්වේ ඒ ෆොටෝ එක ඇත්තටම ලස්සන හන්දා. වෙනස් වෙනස් යූසර් නේම් ට්‍රයි කරනකොට මට ආව එක ප්‍රොෆයිල් එකක මගේ ලස්සන ෆොටෝස් තිබ්බා. ඒවා ෆොටෝස් නෙවෙයි. ආර්ට්ස්...

හරිම ලස්සන ආර්ට්ස්..

මම එකින් එක බලාගෙන ගියා. එක ආර්ට් එකක මාව ඒන්ජල් කෙනෙක් කරලා.එක ආර්ට් එකක මාව කින්ග් කෙනෙක් කරලා. එක ආර්ට් එකක මාව කාර්ටූන් කොටියෙක් කරලා. එක එක ලස්සන ආර්ට්ස් තියනකොට මම ඒවා ට්වීට් කරලා තියන අය බැලුවා.  රිට්වීට් එක පස්සෙන් ගිහින් මම අන්තිමට එක ලස්සන  ප්‍රොෆයිල් එකක් හොයාගත්තා.

Winterbeartaetae

මුලු ප්‍රොෆයිල් එකේම තිබ්බේ ආර්ට්ස්. මම ඒවා එකින් එක පහලට බලාගෙන යනකොට ජිමිනී දොර ඇරගෙන අපේ රූම් එකට ආවා.

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now