Yoongi's POV
දවස් ගානක් තිස්සේ මම එලියට යන්න විදිහක් කල්පනා කර කර හිටියේ. ඒත් යන්න හදන හැමවෙලේම එක්කො පොඩි 3 මගේ රූම් එකට පනිනවා, නැත්තන් සේජින් හ්යුන්ග් මාව අල්ලගන්නවා එහෙමත් නැත්තන් ජින් හ්යුන්ග් මගේ බෙල්ලෙන්ම අල්ලගන්නවා.
ජින් හ්යුන්ග් විතරයි මගේ මේ රාත්‍රී මුර සංචාරේ ගැන දන්නේ. ඉස්සර මම රෑ 11.00ට එලියට පැනලා 5.00 විතර වෙන්කන් ඇවිද ඇවිද හිටියා. ඒත් දැන්... හ්යුන්ග් කියලා තියෙන්නේ මම 1.00 වෙනකොට ඇවිල්ලා හිටියේ නැත්තන් කෙලින්ම පීඩී නිම්ට කෝල් කරලා කියනවා කියලා. පැය 2කින් කිසිම දෙයක් කරන්න බෑ කියලා හ්යුන්ග්ට තේරුනේ නෑ
අදත් මම හ්යුන්ග්ට යන්නම් කියලා කියාගෙන එලියට එන්න හදනකොට ජිමින් ඇවිල්ලා ඇගේ එල්ලුනා. එක්කො ජන්ග්කුක්ගේ කේලමක්, නැත්තන් ටේහ්යුන්ග් ගේ කේලමක්
හ්යුන්ග් ඔයා මට දුන්න ගේම් සීඩී එක ජන්ග්කුක් හොරකම් කරලා ඒක සූරලා දාලා.මම හිතුවා හරි. මේ මනුස්සයාට ගේම් සීඩී කම්පනි එකම අතට ගන්න සල්ලි තියනකොට මේ එක ගේම් සීඩී එකක් ජන්ග්කුක් ගත්ත එකට මගේ ලගට ඇවිල්ලා නහයෙන් ඇඩුවා.
ජින් හ්යුන්ග් ටවල් එකත් කරේ දාගෙන රූම් එකෙන් රූම් එකට එබි එබී බලනකොට මම ජින් හ්යුන්ග්ට හිනා වෙලා මාව බේරගන්න කියලා ඇස් වලින් කිව්වා. ..
"මොකෝ ජිමින්? "
"ඔයාගේ කුක්කා මගේ ගේම් සීඩී එක අරගෙන ඒක සූරලා දාලා."
"මගේ කුක්කා? "
"ඔව්. ජන්ග් කුක්කා."
"ආහ්. ඉතින් යුන්ගිගේ බෙල්ලේ එල්ලිලා මොකද කරන්නේ?"
"යුන්ගි හ්යුන්ග් ජන්ග්කුක්ව බය කරන්න යන්නේ .නේද හ්යුන්ග්.?"
ජිමින් මගෙන් අහනකොට මම ජින් හ්යුන්ග්ට ආයෙමත් මාව බේරගන්න කියන මූණ දැම්මා.
"යන් . මම බලාගන්නම් ජන්ග්කුක් එක්ක".
"බෑ. ඔයා ගියාට පස්සේ ජන්ග්කුක්ගේ පැත්ත ගන්නේ."
"නෑ නෑ. මම එයාට බනින්නම් අද එන්නකෝ."
"ඇත්තටම බනින්න ඕනේ...?"
YOU ARE READING
Behind the Story | BTS | Completed
Fanfictionසීසන් ග්රීටින් ෆොටෝ කාර්ඩ්ස් පිටිපස්සේ තියන කවුරුත් නොදන්න ඇත්ත කතාව...