Jimin

935 323 129
                                    

Jimin's POV

 

ටේහ්යුන්ග් ෆොටෝ ශූට් එකට ගියාට පස්සේ මම වොශ් එකක් දාගෙන  ඇදට වැටුනේ ඇති වෙනකන් නිදාගන්නවා කියලා හිතාගෙන. ඒත්  ආයෙමත් ඔම්මාට කතා කරන්න ඕනේ කියලා හිතුන හන්දා මම නැගිටලා ෆෝන් එක ගන්න මේසේ  ලගට ගියා. ෆෝන් එකත් අරගෙන පුටුවකින් වාඩි වෙලා ඔම්මාට කෝල් එක අරන් මම  කතා කරා.

පුරුදු විදිහටම ඔම්මා මම කන්නේ නෑ, දැන් හෙයා කලර් එක කැතයි, මොකක්ද අලුත් ඇදුම් වල තේරුම.... ඔය ඔක්කොටම බැන බැන හිටියා

ඔම්මාට අයිඩ්ල් කෙනෙක්ගේ ලයිෆ් එක තේරුම් කරලා දීලම මට ඇති වෙලා තිබ්බේ. මම ඉතින් ඔම්මා බනින එක අහ අහ ඉන්නකොට මම දැක්කා මගේ නෝට් බුක් එකේ කවර් පේජ් එකේම මොකක්ද ලියලා තියනවා. ඒ අකුරු මට අදුරගන්න අමාරු නෑ.

ටේහ්යුන්ග්.

මගේ පොතක ලියන්න එයාට මොන හයියක්ද? ඊටත් වඩා ඕනේ නම් ඇතුලේ පිටුවක ලියන්න තිබ්බා. මේ නෝට්  බුක් එකේ කවර් පේජ් එකේම ලියන්නේ ඇයි?.....

මට කේන්ති යාගෙන එනකොටම මගේ මොලේට මේ මොකක්ද කියලා තේරුනා. මම අනිත් අයට වඩා කොට උනාට මගේ මොලේ තිබුනා එයාලට වඩා හොදට.. ඔම්මාට පස්සේ ගන්නම් කියලා මම ෆෝන් එක අරගෙන ඒ යූසර්නේම් එක හොදට බැලුවා.

ටේහ්යුන්ග් අලුත් ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් හැදුවට එයා මට ඒකෙ යූසර් නේම් කිව්වෙ නෑ. මම කොච්චර ඇහුවත් එයා මග ඇර ඇර හිටියේ මොකක් හරි හොරයක් තියන හන්දා කියලා හිතාගෙන මම ඉන්ස්ටා මගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඒ යූසර් නේම් එක සර්ච් කරා.

ටේහ්යුන්ග් කියන්නේ යූසර් නේම් , පාස්වර්ඩ් ඉක්මනට අමතක වෙන කෙනෙක්..ඒ හන්දා එයාට ෆේක් අකවුන්ට් ගොඩක් තියනවා. ඒත් එයාට මතකත් නෑ ඒ අකවුන්ට් වල නේම්ස් මොනවද කියලා. එයා ඒ හන්දා ඒව ලියාගන්නවා එක එක තැන් වල. පස්සේ එයාට අමතක වෙනවා කොහෙද ලිව්වෙත් කියලා.

ටේහ්යුන්ග්ව සෙල්ලමට අල්ලගන්න ඕනේ හන්දා මම ඒ ඉන්ස්ටග්‍රෑම්  යූසර් නේම් එක සර්ච් කරා. එක වගේ නේම්ස් හැටක් විතර පෙන්නනකොට මම හරියටම යූසර් නේම් එක ටයිප් කරලා ඒ යූසර්ව හොයාගත්තා.

Behind the Story  |  BTS  |  CompletedWhere stories live. Discover now