•සිව්වන මිනිසා•

205 60 7
                                    

වේලාව සවස් වරුවකි.

මා
වැඩී ඇති බව සිතා සිටින
නොදරුවෙකි.

_____________

පරිසරය ඝෝෂාකාරී නමුත්
කුතුහලයෙන් පිරී පවතී.

රළු අලි සමක්,
නැට්ටුවන්ගේ පා සළඹ හඬක්,
කඩිමුඩියේ සූට්කේස එහාට මෙහාට කරවන ශබ්දයක්,
කහ පාට බීම පිරවූ අයිස් කැට පාවෙන වීදුරු පෙළක්
මට මතකය.

විශාල හෝටලය,
විශාල භෝජන සංග්‍රහ, ප්‍රණීත ආහාර පාන හා
ඒ සුවපහසුව පිරි සෑම දේම
මතක් කරන විට මා සිනහ සැලිය යුතුය.

___________

එහෙත් මතකයට එන්නේ
පසු කලෙක
මා පසුපස පැමිණි
සුඛෝපභෝගි මෝටර් රථයත්,
චොක්ලට් පිරවූ පෙට්ටියකුත්,
මෝටර් රථයට ගොඩවීමට කරන්නාවූ ආරාධනාවකුත් පමණක් වීම
වර්තමානයේදී මා බිය ගැන්වීමට සමත් වෙයි.

වර්තමානයේදී!!?
එවිට අතීතයේදී..?

නොදරුවෙක්...!

මා නැවත ටොකු පහරකට හසු වුණෙමි.

__________

ඔහු
ඔහුගේ සම මෙන් අඳුරකි.

මා නොදැනම ළන්වූයේ
අවීචියේ මරු කටට බව
නැවත නැවතත් මට මතක් කරවන තරම්
අන්ධකාරම මතකයකි.

එහෙත්,
මට හොඳ පාඩමකි.

අන්ධකාරයේ
රිදී ඉරකි.
_____

තිතකි.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Where stories live. Discover now