•අටවන මිනිසා•

171 50 10
                                    

"මායම් කලාවේ සායම් සිනාසේ
පායන් සඳේ මේ පෙම් ගී රැයේ"

ඉඳහිටක ඇසෙන ගීතය නිසා
මා මනසට කාන්දු වන්නේ
ඔහු එක් පන්තියක අවසාන දිනයේ
කළ ගායනයයි.

______

ගායනයට දක්ෂ වූ පිරිමින්
'වහා ආකර්ෂණය වන සුළුය' යන
අදෘෂ්‍යමාන ලේබලය අලවාගෙන
සිටින්නන්ය.

ඒ ලේබලයේ පසෙකින්,
කුඩාවට ඇඳි හිස් කබල් සළකුණ දකින විට
නුඹ පරක්කු වැඩිය.

දෛවය ඔහොම්මමය.
අනතුරු හඟවන්නේත් කුඩාවටය.

එවිට...
පෙරහැර ගොස් අවසානය.

නැට්ටුවන්ද
නිවසට ගොස් නිදාගෙනය.

___________

මට මතක ඇති ඔහු නම්,
ආඩම්බරකාර මනුස්සයෙක්ය.

සිහින් දෑස්, ඝන කොණ්ඩය, වැඩුණු ඇඟ
ඔහුට ඒ සඳහා රුකුල් දෙන්නක් විය.

________

ආදරය යනු
අනෙකාව භාවිතා කරන්නක් නොවිය යුතුය.

නමුත්
ආදරයේදී සිදු වන්නේද එයම නොවේද?
_____

අපි අපේ හිස් තැන් පුරවාගන්නට
අනෙකාව අඩු වැඩි වශයෙන්
භාවිතා නොකරන්නවුන්
නොවන බව
නුඹත් මාත් හොඳින්ම දන්නා කරුණක්ය.

__________

අවසන් වරට ඔහුව දුටුවේ ජායාරූපයකින්‍ ය.

නමුත් ඒ
මා හඳුනන මිනිසා නොවීය.
_____

මිනිසුන්
වහා වෙනස්වන සුළුය.

ඔව්...
නුඹ වගේමය.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Where stories live. Discover now